ඉවසිමෙන් කටයුතු කරන්න - රජය | දිනමිණ

ඉවසිමෙන් කටයුතු කරන්න - රජය

අද පෙරවරුවේ අගනුවර සහ පිට පළාත් කිහිපයක සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් සිදුවූ ජීවිත හානි පිළිබඳව රජය සිය කනගාටුව පළ කර සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ, මේ අවස්ථාවේ ඉතා වගකීමෙන් හා ඉවසිමෙන් කටයුතු කරන ලෙසයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රජය වෙනුවෙන් මෙම ඉල්ලීම කර සිටින බව ද සදහන්.

මෙම මිලේච්ඡා ප්‍රහාරයන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ වී ඇති බැවින් නොයෙකුත් කටකතා හා අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද අදාළ නිවේදනය මගින් රජය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න