අවසර ලැබූ වහා පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත | දිනමිණ

අවසර ලැබූ වහා පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත

ගයාන් කුමාර වීරසිංහ

ඩුබායිහිදී එරට පොලිසියේ අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීමට ඩුබායි රාජ්‍යයෙන් අවසර ලද වහාම මෙරට පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා යාමට සූදානමින් සිටියි.

එම පොලිස් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, පොලිස් විශේෂ කාර්ය බළකායේත් නිලධාරින් ඇතුළත් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මාකඳුරේ මධුෂ් ඇතුළු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මෙරට පොලිසිය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඩුබායි බලධාරින්ගෙන් මේ වනවිටත් ඉල්ලීමක් කර තිබේ. ඊට යහපත් ප්‍රතිචාරයක් හුදෙක්ම ලැබෙතැයි වි‍ශ්වාසයෙන් සිටින බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

නව අදහස දක්වන්න