Hot6 පෝෂ­ණීය ශක්ති­ජ­නක පානය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරයි | දිනමිණ

Hot6 පෝෂ­ණීය ශක්ති­ජ­නක පානය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරයි

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සමාගමක් වන දකුණු කොරියාවේ ලොතේ (Lotte) සමූහයට අනුබද්ධිත ලොතේ චිල්සන්ග් බෙවරේජ් සමාගම නිෂ්පාදනය කරන Hot 6 පෝෂණීය ශක්තිජනක පානය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දොන්සන්ග් බයෝ පෞද්ගලික සමාගම සිය අලෙවි නියෝජිත ජාලය පුළුල් කරමින් Hot 6 පානය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරයි. Hot 6 පානය මෙරට අලෙවි කිරීමේ එකම නියෝජිතයා වන දොන්සන්ග් බයෝ සමාගම ගෙන්වා බෙදා හරින Hot 6 පානය දැන් කාගිල්ස් ඇතුළු සුපිරි වෙළෙඳසල්වලින් මෙන්ම ෆාමසිවලින් හා සාමාන්‍ය වෙළෙඳසල්වලින්ද මිල දී ගත හැකිය. Hot 6 පානය ශරීරයට හිතකර ස්වභාවික ඖෂධ රැසකින් සමන්විතය. බ්‍රසීලයේ හැදෙන ගුවානා පලතුරු වර්ගය ප්‍රමුඛ වන අතර කාය ශක්තිය වර්ධනයට, ප්‍රබෝධවත් ජීවිතයකට හේතු වන එය ස්වභාවික කැෆේන්වලින් පරිපූර්ණය. දකුණු කොරියාවේ වැවෙන රතු ජින්සන් ශාකයේ මුල්ද Hot 6 පානය සැකැසීමට යොදා ගනී. එය පිළිකා සෛල මර්දනයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට හේතු වේ. එසේම Hot 6 පානයේ අඩංගු Acanthopanax විඩාව හා මානසික ආතතිය දුරලන අතර, අක්මාවේ යහපත් ක්‍රියාකාරිත්වයට හේතු වේ.

නිරෝගී දිවියකට අත්‍යවශ්‍ය වටමින් B, B2, B3, B5, B6 හා විටමින් cවලින් පරිපූර්ණ Hot 6 පානයේ Inositolද අන්තර්ගතය. එසේම ශක්තිය උත්පාදනයට සහ මාංශ පේශි වර්ධනයට හේතු වන ඇමයිනෝ අම්ලවලින්ද පරිපූර Hot 6 පානයේ BCAA ඇමයිනෝ අම්ලයද අන්තර්ගතවීම සුවිශේෂත්වයකි. විඩාව දුරලන, හෘදයේ සංකූලතා මඟ හරවන, ශක්ති උත්පාදකයක් වන Taurine වලින්ද පරිපූර්ණ Hot 6 පෝෂණීය පානය සඳහා SLS ආයතනයේ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඇල්කොහොල් අඩංගු නැති Hot පානය දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ස්නායු රෝග ආදියට ද ගුණදායක වේ.

නව අදහස දක්වන්න