"මහින්ද නිදහස් පක්ෂය කඩා ගෙන ගියා" | දිනමිණ

"මහින්ද නිදහස් පක්ෂය කඩා ගෙන ගියා"

යන යකා කොරහත් බිදගෙන යනවා වගේ මහින්ද මහත්තයා නිදහස් පක්ෂය කඩා ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මුල්ලේරියා ජයතිලකාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීම පිණීස රුපියල් ලක්ෂයක ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දීමටකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"එක්සත් ජාතික පක්ෂයේ අපට හරිම සතුටුයි . මොකද හේතුව අද මල් පොහොට්ටුව කල එළි බැස්සා . ඒ කියන්නේ නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුණා. ඒ කියන්නේ යුන්පී තනි ආණ්ඩුවක් පිහිටුවනවා කියන එකයි. ඉතින් පරණ සිංහල කතාවක් තියෙනවා යන යකා කොරහත් බිදගෙන යනවා කියලා. ජනවාරි මාසේ 8 වෙනිද මහින්ද මහත්තයාව  පැරැද්දුවාට පස්සේත් ආයි මහ මැතිවරණයටත් ඇවිල්ලා නැවත පැරදිලා , දැන් කොරහත් කඩනවා වගේ පක්ෂේ දෙකට කඩාගෙන යුන්පී එකට බලය ගන්න පාර පෙන්නලාඑතුමාට විශ්‍රාම ගන්න යන්න පුළුවන් අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා. අනික් එක තමයි ඉතිහාසය පුනාරවර්තනය වෙනවා කියලා කතාවක් තියෙනවා. ඔය ආකාරයෙන් තමයි. පක්ෂ බල අරගලයකින් ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර පිල එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගියාට පස්සේ. ඒකේ මැදින් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ආවා. ඒ වගේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, මේ මල් පොහොට්ටුව මැදින් අපේ ගමන ගිහින් පක්ෂය ජයග්‍රහණය කරනවා. "

අදහස් 2ක් ඇත

mahinda mahatthaya,,,,wenasak kala pamanayi,,,namuth eya innawa,,paksa pata walin wadak naha halo! wada kida thamayi awassya,,,

kanagatuyi.....mahinda atharaman wuna

නව අදහස දක්වන්න