නුසුදුසු අපේක්ෂකයන් ගැන කළ යුතු දේ කොමිසම විමසයි | දිනමිණ

නුසුදුසු අපේක්ෂකයන් ගැන කළ යුතු දේ කොමිසම විමසයි

අනුර ප්‍රේමලාල්
රක්ෂණ ශ්‍රියන්ත

නුසුදුසු අපේක්ෂකයන් පිළිබඳ නිසි තීරණයක් ගත යුතු වන්නේ අධිකරණයක් වැනි බල සහිත ආයතනයකින් බවත් මේ සම්බන්ධව මැතිවරණ කොමිසමට කළ හැක්කේ ‍කුමක්ද යන්න ඉදිරියේදි නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමට බලාපොරොත්තුවන බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් 'දිනමිණ' වෙත වැඩිදුරටත් අදහස් දැක්වු අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ. මෙවර පළාත් පාලන මැතිවරණයට පනස් හත්දහස් අධික සංඛ්‍යාවක් අපේක්ෂකයින් ඉදිරිපත්වී සිටින අතර පැවසෙන පරිදි නුසුදුසු අපෙක්ෂකයන් අසූව, ඉතා සුළු ප්‍රමාණයක් වේ. මෙය ප්‍රතිශතයක් ලෙස සළකා බැලුවොත් මෙය 1%කටත් අඩුවේ. ‍අපේක්ෂකයාගේ නුසුදුසු බව අධිකරණය වැනි බල සහිත ආයතනයකින් තහවුරු වීම අනිවාර්ය වේ.

 පළාත් පාලන විමසීම් ආඥාපනතේ පැහැදිලිව සඳහන්‍ වෙන්නේ මන්ත්‍රීවරුන් පත් කිරිමේදි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දුන් විට එහි ලේකම් ඇතුළු බලධාරින්ට වගකීමක් ඇත්තේ එම ආඥාපනතේ (09) වගන්තියට අනුව නුසුදුසු නොවන අය පත් කිරීමටයි. මෙහි ගැටලුව තිබෙන්නේ නුසුදුසු අයෙක් කොට්ඨාසයට ඉදිරිපත්වි ජයග්‍රහණය කළොත් එවැනි අයෙක් ඉවත් කිරීම අනිවාර්යෙන් සිදුකළ යුත්තේ අධිකරණයක් මගින්ය. 

නව අදහස දක්වන්න