නවීන විලා­සි­තා­ව­න්ගෙන් සපිරි Zigzag ප්‍රද­ර්ශ­නා­ගා­රය කොළ­ඹදී විවෘත වෙයි | දිනමිණ

නවීන විලා­සි­තා­ව­න්ගෙන් සපිරි Zigzag ප්‍රද­ර්ශ­නා­ගා­රය කොළ­ඹදී විවෘත වෙයි

l 2018 සඳහා හඳුන්වා දෙන නව­තම  විලා­සිතා පෙළ දැන් වෙළෙඳ පොළේ
 
l හඳු­න්වා­දී­මේදී විශේෂ වට්ටම් දීමනා සහ තෑගි

 

 අන්තර්ජාලය හරහා නිමි ඇඳුම් මිල දී ගන්නා පාරිභෝගිකයන් අතර ජනප්‍රිය Zigzag හැඩකාර, නවීන විලාසිතාවන්ගෙන් යුත් තම ප්‍රථම ප්‍රදර්ශනාගාරය කොළඹදී විවෘත කරන ලදී. සැමට ඔබින විලාසිතා හඳුන්වාදෙන Zigzag සෑම නිමි ඇඳුමක් සමඟින්ම තාරුණ්‍යයේ සිතැඟි සම්පූර්ණ කරවයි.

සියල් සපිරි සුපිරි විලාසිතාගාරයක් ලෙස මේ නවතම ප්‍රදර්ශනාගාරය 2017 දෙසැම්බර් 9 වැනිදා කොළඹ 3, අංක.22, බගතලේ පාර ස්ථානයේදී විවෘත විය. අලෙවිසැල සමාරම්භය වෙනුවෙන් Zigzag.lk වෙබ් අඩවියත්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා සුවිශේෂී දීමනා සහ ත්‍යාග රැසක් ලබා දීමට නියමිතය. නිමි ඇඳුම්වලට අමතරව මේ ප්‍රදර්ශනාගාරය තුළ සැරිසරන පාරිභෝගිකයන්ට කිසිදා අත්නොවිඳි අත්දැකීමක් අත්විඳීමේ අවස්ථාව නිතැතින්ම ලැබේ. මේ ප්‍රදර්ශනාගාරය සතුව සරල විලාසිතා, නාගරබද කාන්තාවන්ට සවස් යාමයට සුදුසු විලාසිතා, ඉහළ තත්ත්වයෙන් එම්බ්‍රොයිඩර් විලාසිතා, ෆැබ්රික් විලාසිතා, රේන්ද සහිත විලාසිතා සහ මුද්‍රිත මිනී ඩ්‍රසස්, මැක්සිස්, ස්කර්ට්ස් සහ තවත් බොහෝ දේ සතුය.

Zigzag ප්‍රධාන විධායක නිලධාරී දිනිඳු නවරත්න මහතා කියා සිටියේ ‘ඔන්ලයින් විලාසිතා වෙළෙඳ පොළ තුළ Zigzag පෙරමුණේ සිටිනවා, මේ තරගකාරීත්වය තුළ අපේ ජයග්‍රහණය සනිටුහන් වන්නේ අපි ඉතාම ශක්තිමත් නිසයි. ඉහළ තත්ත්වය, උසස් නිමාව සහ සුපිරි විලාසිතා සමඟින් අප සැම විටම නව්‍යකරණය සොයා යනවා. කොළඹ නගරයේ අපගේ ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට ලැබීම ගැන සැබවින්ම සුවිශේෂී සංධිස්ථානයක්. අපගේ දියුණුවට වෙළෙඳ පොළ හැසිරීමත් විශාල දායකත්වයක් සපයනවා’ යනුවෙනි.

නව අදහස දක්වන්න