එළඹෙන උත්සව සමයේ ෆැෂන් බග් විලාසිතා චමත්කාරය එළිදක්වයි | දිනමිණ

එළඹෙන උත්සව සමයේ ෆැෂන් බග් විලාසිතා චමත්කාරය එළිදක්වයි

මෙරට දැවැන්තම විලාසිතාගාර සමූහය වන ෆැෂන් බග් විසින් පේ‍්‍රක්‍ෂකයන් අමන්දාන්නදයට පත්කරමින් මෙම වසරේ උත්සව සමය සඳහා වන සිය නිමි ඇඳුම් එකතුව සෙරනේඩ් නම් ගත් විලාසිතා දැක්මක් ලෙසින්, Jie Jie Beach by Jetwing හි දී සිය ප්‍රමුඛ පෙළේ සේවාදායකයන් හමුවේ විවර කරන ලදි.

තමන්ට ආවේනික දේශීය කාන්තා නිමි ඇඳුම් මාදිලි දෙකක් ලෙසින් මෙයට මාස කිහිපයකට පෙරාතුව සිය වැල්ලවත්ත ප්‍රදර්ශනාගාරයේ දී එළිදැක්වුණු Amani සහ Nelrose යන සන්නාමයන් ඔස්සේ මෙම විලාසිතා දැක්ම සිදුවිය. සාමාන්‍ය සහ රාජකාරි කටයුතු සඳහා වන ඇඟළුම් මාලාවක් ඉස්මතුවන සේ ඉදිරිපත් වූ මේ ඔස්සේ, එළඹෙන උත්සව සමයේ ෆැෂන් බග් හි දී ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන සුවිශේෂී විලාසිතාවල සුන්දරත්වය අපූරුවට විදහා දැක්වුණි.

මෙම සාමාන්‍ය ඇඟළුම් මාලාව, අද කාලයේ කාන්තාවට මනාව ගැලපෙන සේ මල් රටාවලින් හැඩවැටුණු සෞම්‍ය හැඩයෙන් යුක්ත වේ. රාජකාරියේ දී කාන්තාවකට සුවපහසුව දනවන මෙන්ම කාන්තාවගේ ලාලිත්‍යය අතරට පෞරුෂය මනා ලෙස කැඳවන සේ නිර්මානය වී ඇති එම රාජකාරි නිමි ඇඳුම් මාලාව, කාන්තාවකගේ ඇඳුම් අල්මාරියේ රාජකාරි ඇඳුම් අතර තිබිය යුතුම විලාසිතාවක් වනු නියතය. මෙයට අමතරව වෛවර්ණයෙන් යුතුව ඔබට පිදෙන Ethnic Fusion සාරි එකතුව සැඳෑ සාදයට හෝ එවැනි උත්සව ආදියේ දී ඔබව කැපී පෙනෙන අයකු බවට පත්කරනු ඇත. එම විශේෂිත බව කාන්තා ඔබට ආවේනික කරනු පිණිස මෙම සෑම විලාසිතාවකින්ම නිමවා ඇත්තේ සීමිත ඇඟළුම් ප්‍රමාණයක් පමණි.

ෆැෂන් බග් වෙත ආවේනික Amani යනු, එහි ගනුදෙනුකරුවන් විසින් මහත් සේ අගය කළ සන්නාමයකි. පාරිභෝගකයාගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, අද කාලයේ නැඹුරුවට මනාව ගැලපෙන සේ මේ වර්ණවත් විලාසිතා මාලාව නිර්මානය වී තිබේ.

‘විලාසිතා සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලූම ශීඝ‍්‍රයෙන් ඉහළ යනවා. මේ ක්‍ෂේත්‍රයේ පුමුඛයෙක් ලෙසින් ඒ නැඹුරුතා සියල්ල සපුරාලීමේ ධාරිතාව අප සතුව තිබෙනවා. අද ගෝලීය විලාසිතා නැඹුරුව සමඟ එක්කර, අප දේශීය විලාසිතා ඔප්නැංවීම අපේ වගකීමක් වෙනවා. මේ නිසයි අපි දේශීය විලාසිතා නිර්මානකරුවන් දෙදෙනෙකුගේ නිර්මාන එලිදැක්වීමට කටයුතු කළේ ’ යැයි ෆැෂන් බග් හී අධ්‍යක්‍ෂ ෂබීර් සුබේන් මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න