ඇලෙ­ක්සැන්ඩ්‍රා පෙදෙසේ ප්‍රධාන ඔඩෙල් අලෙ­වි­සැලේ නව පරි­ශ්‍ර­යක් විවෘත කරයි | දිනමිණ

ඇලෙ­ක්සැන්ඩ්‍රා පෙදෙසේ ප්‍රධාන ඔඩෙල් අලෙ­වි­සැලේ නව පරි­ශ්‍ර­යක් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි සිය ප්‍රධාන අලෙවි සැලට තවත් වර්ග අඩි 10,000 පරිශ්‍රයක් අලුතින් එක් කරමින් පාරිභෝගිකයන්ට තවත් නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදී තිබේ. මේ පරිශ්‍රය සැලසුම් කර ඉදිකළේ ජාත්‍යන්තර කීර්තියට පත්ව තිබෙන ගෘහ නිර්මාණ ශිල්පීය සමාගමක් වන ජර්මනිය පදනම් කරගත් Blocher Partners විසිනි. ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ප්‍රධාන ඔඩෙල් අලෙවිසැලට අභියස ඉදිකිරීමට නියමිත වර්ග අඩි 645,000 ක ODEL සාප්පු සංකීර්ණය ද මේ සමාගම විසින් සැලසුම් කරන ලදී. මේ නව පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරන Aldo සහ Desigual වැනි ප්‍රමුඛතම ගෝලීය සන්නාම සහ Nike, Reebok, Adidas මෙන්ම Canterbury වැනි සන්නාමවලින් සමන්විත වන නවීකරණය කළ ඔඩෙල් ක්‍රීඩා භාණ්ඩ අංශය සහ ලෝන්ජරි, පිහිනුම් ඇඳුම්, පිරිමි ඇඳුම් ඇතුළු පුළුල් පාරාසයක විහිදෙන සපත්තු සහ බෑග් තිබේ. එසේම, ජාත්‍යන්තර ඩෙනිම් සන්නාම වලින් පිරී පවතින ඔඩෙල් Denim Lab අංශය පිහිටා තිබෙන්නේ මේ නව පරිශ්‍රය තුළයි. මේ අනුව, සමාගම පවසන්නේ මේ නව පරිශ්‍රය තුළින් ඔඩෙල් පාරිභෝගිකයන්ට නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා අලෙවි සැලේ තත්ත්වය ඉහළ දැමීමටත් හැකිවී තිබෙන බවයි.

නව අදහස දක්වන්න