මොබිටෙල් Fairfirst insurance පාරිභෝගිකයන් රක්ෂණයට එක්වෙයි | දිනමිණ

මොබිටෙල් Fairfirst insurance පාරිභෝගිකයන් රක්ෂණයට එක්වෙයි

තම පාරිභෝගිකයන් වෙත නව්‍යකාරක ක්ෂුද්‍ර රක්ෂණ ආවරණයක් පිරිනැමීම වෙනුවෙන් ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම Fairfirst රක්ෂණ සමාගම සමඟ එක්වෙයි. කායික දුබලතාවක් හෝ හදිසි අනතුරක් නිසාවෙන් රක්ෂණ හිමියා එක් තැන් වූ විට අවශ්‍ය මුල්‍ය සහාය පිරිනැමීම ඒ යටතේ සිදුවෙයි.

ඊට අමතරව මේ සුවිශේෂී ක්ෂුද්‍ර රක්ෂණ ආවරණය ඔස්සේ රැකියා අහිමිවීමකදී සුරක්ෂිතතාවක් මෙන්ම හදිසි අනතුරක් නිසා සිදුවන මරණයකදී ප්‍රතිලාභ පිරිනමනු ලබයි. මෙම සේවාව හා ලියාපදිංචි වන Mobitel පාරිභෝගිකයන් සතියකදී රුපියල් 8,400 පමණ උපරිම වශයෙන් වසරකදී රුපියල් 35,000ක් දක්වා මුදල් ප්‍රදාන සඳහා හිමිකම් සපුරනු ලබයි.

REG ලෙස කෙටි පණිවිඩයක් ටයිප් කර 428 අංකයට යොමු කිරීමෙන් මොබිටෙල් පාරිභෝගිකයන්ට මෙම ආවරණ සේවාව සමඟ ලියාපදිංචි විය හැකිය. තහවුරු කිරීමේ කෙටි පණිවිඩය පාරිභෝගිකයා වෙත ලැබුනු පසු අදාළ අයකර ගැනීම් වහාම සිදුවන අතර සම්පූර්ණ කැලැන්ඩරය මාසයකින් අනතුරුව දින 30කින් රක්ෂණ ආවරණ සක්‍රීය වීම සිදුවනු ඇත.

මෙම නිෂ්පාදනයේ එකම ප්‍රතිරක්ෂකයා ලෙස ආවරණය හා අදාළ සියලු කාරණා පරිපාලනය Fairfirst විසින් සිදුකරනු ලබයි. ලියාපදිංචියෙන් අනතුරුව මෙම නිෂ්පාදනයට අදාළ සියලු විස්තර තැපැල් මඟින් අදාළ ග්‍රාහකයන් වෙත දැනුම් දෙනු ඇත. මාසික ආවරණයක් වන මේ පිළිබඳව වැඩි විස්තර මොබිටෙල් හි 1717 ක්ෂණික ඇමතුම් අංශය ඇමතීමෙන් හෝ 0702125458 යන Fairfirst හි ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට දැනගත හැකිය.

 

නව අදහස දක්වන්න