ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

ජූලි 24 අෙගා්ස්තු 01 දක්වා

මේෂ
වාසස්ථාන වෙනස්කම්

ගෘහස්ථ කරදර ඇත. අධ්‍යාපනයට දුෂ්කරතා ඇතිවේ. කෘෂිකර්ම, ඉඩකඩම්, දේපල ජලය ආශ්‍රිතව ව්‍යාපාර කරන්නන්ට සුබය. බුද්ධිය ඉස්මතුවෙයි. ඉවක් ද ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලට නරක නැත. මංගල කටයුතු සාර්ථකය. උරුමකම් පවරා ගැනීම් ආදිය ගැන ගැටලු ඇතිවෙයි. ප්‍රභූන් හා දේශපාලඥයන් සමඟ ද ඇසුර ඇතිවේ. හදිසි වාසස්ථාන වෙනස්කම් ඇතිවිය හැක. කොන්ද ආශ්‍රිතව ආබාධ, හදවත් රෝග ඇති අය ප්‍රවේශම් විය යුතුය.

වෘෂභ
අසල්වාසින් හා ගැටුම්

පෙම්වතුන් රහසිගත වෙයි. අවලාද අපවාද ලබයි. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් අධික වියදම් දරයි. විවාහ ජීවිතයේ ගැටුම් ඇතිවෙයි. සැලසුම් කළ දුරබැහැර ගමන් වන්දනා ගමන් ආදිය යා හැක. විදේශ ගමන් ද යෙදේ. අසල්වාසීන් සමඟ ගැටුම් ඇතිවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයට නරක නැත. වාසස්ථාන මාරුවීම්, රුධිර දෝෂ, ළය පීනස ඉස්මතුවෙයි.

මිථුන
ප්‍රතිවාදීන් අභිබවයි

තීක්ෂණ නුවණක් ඇතිවේ. අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට වාසනාව ලැබේ. පෙම්වතුන් හිතුවක්කාර විය හැක. අපවාද අවලාද ලබයි. සුඛෝපභෝගී දෑට වැඩියෙන් වියදම් කරයි. ආදායම වැඩිකර ගැනීම සඳහා අධික වියදමක් දරයි. ගිවිසුම් අස්සන් කිරීමේ කටයුතුවලට සුබයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට හොඳය. එහි ප්‍රගතියක් පෙන්වයි. ප්‍රතිවාදීන් අභිබවයි. පවුල් සමඟිය හිතකර නොවේ. මූත්‍ර අමාරු, සෙම් රෝග ඉස්මතුවේ.

කටක
අභියෝග රැසක්

ඉතා හදිසි දුර බැහැර ගමන් යෙදේ. පුණ්‍ය කටයුතු සඳහා දායක වේ. ව්‍යාපාර කටයුතුවල දැඩි බාධා එල්ලවෙයි. වෘත්තීමය කටයුතු ද අභියෝග මධ්‍යයේ පවත්වාගෙන යෑමට සිදුවෙයි. මංගල කටයුතු අසාර්ථකය. පාසල් අධ්‍යාපන කටයුතුවලට ද බාධා එල්ලවේ. ආමාශ ආබාධ, රුධිර දෝෂ ඇතිවිය හැක.

සිංහ
අධ්‍යාපනයට බාධා

කෘෂිකර්ම, පතල්, තේ කර්මාන්තයේ යෙදී සිටින්නන්ට වාසි ගෙනදේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අමතර වියදම් ඇතිවේ. ආයතනවල වෘත්තියේ යෙදෙන්නන්ට උසස්වීම්, වේතන වැඩිවීම් ලබාගැනීමට පසුබිම සකස්වෙයි. අධ්‍යාපනයට බාදා. තම වෙළෙඳ ව්‍යාපාර සඳහා වැඩිපුර ආයෝජන යෙදීමට පෙළඹේ. මඟුල් තුලා කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය. රැවටීම්වලට භාජනය විය හැක. මූත්‍රාශ්‍ර, හදවත් රෝග ඉස්මතුවේ.

කන්‍යා
මිතුරන්ගෙන් වාසි

සතුරු කරදර ඇතිවේ. නිදන්ගත රෝගාබාධ ඉස්මතුවේ. වෘත්තීමය වශයෙන් භාරදුන් වගකීම් පැවරේ. දැඩි කැපවීමෙන් වෙහෙසවී කාර්ය කිරීමට සිදුවෙයි. කොන්ත්‍රාත්, ව්‍යාපාරවල යෙදෙන්නන්ට අභියෝග සහිත කාර්ය බහුල සතියකි. සෞන්දර්ය ක්ෂේත්‍රයට අසුව නැත. හදිසියේ හමුවන මිතුරන්ගෙන් වාසි ලබයි. ධාර්මික ගති ඉස්මතුවෙයි. මූත්‍රා ආබාධ, උදරාබාධ ඇතිවේ.

තුලා
විදේශ ගමන්

හදිසි ධන හානි සිදුවේ. වාහන අනතුරක ප්‍රවනතාව ඇත. මුදල් හිරවීම් ඇතිවිය හැක. තම වෘත්තීමය කටයුතුවල භාරදුර වගකීම් දැරීමට සිදුවෙයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට, හවුල් ව්‍යාපාරිකයන්ට දැඩි කැපවීමෙන් වැඩ කිරීමට සිදුවේ. වෘත්තීමය වශයෙන් හිමි හදිසි මුදල් හෙවත් හිඟ මුදල් ආදිය ලැබේ. වෘත්තීමය වශයෙන් යැවෙන දුර බැහැර හදිසි ගමන් සහ විදේශ ගමන් ද යෙදේ. ආමාශ රෝග, රුධිර දෝෂ ඇතිවිය හැක.

වෘශ්චික
වාහන අනතුරු

පන්සල්, පල්ලි ආශ්‍රිතව පුණ්‍ය කටයුතුවල නිරතවේ. දුර බැහැර හෝ විදේශ වන්දනා ගමන් යෙදේ. පෙම්වතුන් අතර ගැටුම් ඇතිවිය හැක. වෙන්වීම්වලට ද හදිසි කාරණා හේතුවිය හැක. වාහන අනතුරු ප්‍රවනතා ඇත. දැඩි වගකීම් හිසමත පැටවෙයි. පූජ්‍ය පක්ෂයෙන් සහ‍යෝගය ලැබේ. රුමෙටික් ආබාධ, මුත්‍ර දෝෂ, සෙම් රෝග ඉස්මතුවේ.

ධනු
වෘත්තීමය වෙනස්කම්

පන්සල් ආශ්‍රිතව පින්දහම් කටයුතුවල යෙදේ. හදිසි අනතුරු ප්‍රවනතා ඇත. ජල අනතුරු මේ අතර ඇත. ක්‍රීඩා ක්ෂේත්‍රයේ අයට ද අනතුරු පෙන්වයි. රෝහල් ගතවීම් ඇත. තමන් සතු වැදගත් ලියකියවිලි, සන්නිවේදන ආම්පන්න අස්ථානගතවිය හැක. අපේක්ෂිත විදෙස් ගමන් යාහැක. අධ්‍යාපන කටයුතු මන්දගාමී වුවත් සැලසුම් සහගත වෙයි. හදිසි වෘත්තීමය වෙනස්කම් සිදුවිය හැක. කේළාම්, පෙත්සම් ආදි රහස් සතුරු කුමන්ත්‍රණ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙයි. රුධිර දෝෂ, දද, කුෂ්ට ඇතිවිය හැක.

මකර
ඥාතීන්ගෙන් උපකාර

අධ්‍යාපන කටයුතුවලට බාධා. මුදලක් ලබයි. ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. මිතුරන්ගෙන් ඥාතීන්ගෙන් උදව් ලබයි. කෘෂි කර්මාන්තය, ජලය ආශ්‍රිතව සේවයේ යෙදෙන්නන්ට වාසි ලැබේ. සමස්ථයක් වශයෙන් අය පක්ෂය වැයට වඩා ඉදිරියෙන් සිටියි. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. පෙම්වතුන් හිතුවක්කාරී වෙයි. කොන්දේ ආබාධ, හදවත් රෝග ඉස්මතුවේ.

කුම්භ
කලාවට යහපත්

වෘත්තීය කටයුතුවලදී වැරදීම් බහුලවීම නිසා ප්‍රධානීන්ගෙන් දොස් අසයි. ප්‍රතිවාදීන් හා හැලහැප්පීම් ඇතිවේ. පවුල් ජීවිතය සමගියට අභියෝග එල්ලවෙයි. තම සේවා ස්ථානයේ අර්බුද මතුවේ. සටන් ව්‍යාපාර විරෝධතාවලට තමන් ද හවුල්වේ. අධ්‍යාපන කටයුතු යථා පරිදි කරගෙන යෑමට හැකිවේ. කලා ක්ෂේත්‍රවල නියුතුවූවන්ට යහපත්. අපේක්ෂක විදෙස් ගමන් ප්‍රමාදයට ලක්වෙයි. රුමෙන්ටික් ආබාධ, සෙම් රෝග, නිදන්ගත රෝග ද ඉස්මතුවේ.

මීන
සතුරු කරදර

සමාජ සාර්ථකත්වයක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ආදියෙන් ප්‍රගතියක් පෙනේ. රහස් සතුරු කරදර, කුමන්ත්‍රණ, අනවිණ, කොඩිවින ස්වරූපයෙන් පැමිණේ. රැකියාවෙන් නිවාඩුගෙන අතිරේක වැඩවලට ද යෙදිය හැක. ක්‍රීඩා ක්ෂේත්‍රයේ අයට අනතුරු සිදුවිය හැක. සියලුම වර්ගයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා දැඩි කැපවීම්, වීරිය ගැනීම් ආදියට යොමුවේ. රුධිර දෝෂ, ආමාශ ආබාධ ඉස්මතුවේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න