ජාතික ඩෙංගු මර්දන වැඩසටහන බේරුවලින් ඇරැඹේ | දිනමිණ

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන බේරුවලින් ඇරැඹේ

 ජාතික ඩෙංගු මර්දන වැඩසටහන බේරුවලදී පසුගියදා ආරම්භ කෙරිණි. එහිදී ඩෙංගු මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය නිලධාරින්, පොලිස් නිලධාරින්, ත්‍රිවිධ හමුදා සෙබළුන්, හෙදියන් ඇතුළු කණ්ඩායම් 100ක් මෙම වැඩසටහනට යොදාගෙන තිබුණි.

මෙම වැඩසටහනට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මීට අමතරව බේරුවල චීන කොටුව ප්‍රදේශයේ මදුරුවන් බෝවීම වැඩිවී ඇති බැවින් එම ප්‍රදේශවල නිවාස පෙ. ව. 6 සිට දූමායන කිරීම ආරම්භ කෙරිණි.

මෙම ඩෙංගු මර්දන විශේෂ ජාතික වැඩසටහනට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු පාලනය පිළිබඳ විශේෂ මෙහෙයුම් නිලධාරි වෛද්‍ය අජිත් මෙන්ඩිස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය පරීක්ෂක II වෛද්‍ය සරත් අමුණුගම ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමල් නන්දසේන, බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුලා සිරිමාන්න, බේරුවල නගර සභාවේ ලේකම් ගයන්ති කළුතර, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු, බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී සමරතුංග, කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. ඩී. සී. රෝහණ ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක් සහභාගි වී සිටියහ.

ඡායාරූපය-කළුතර දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න