අසරණ දියණියකට සහ මවකට නව නිවෙසක් | දිනමිණ

අසරණ දියණියකට සහ මවකට නව නිවෙසක්

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

හව් හරණක් නොමැතිව තහඩු කිහිපයකින් නිව‍ෙසක් ඉදිකර ගෙන 12 හැවිරිදි දියණියත් සමඟ දිවි ගෙවු ස්වාමිපුරුෂයා අහිමි කාන්තාවකට නිව‍ෙසක් සදා දුන් කන්තලේ මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් කමිටු සාමාජික සාමාජිකාවන් නිවෙසට අවශ්‍ය ගෘහ භාණ්ඩද ලබා දුන්නේය.

කන්තලේ මූලස්ථාන පොලිස් වසමට අයත් භාතියගම ග්‍රාම නිලධාරි වසමේ වැව්සිරිගම පදිංචි එස්.ඒ.සෝමාවති (54) නැමැති කාන්තාවට මෙම නිව‍ෙස සාදාදෙනු ලැබුවේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතගේ අදහසකට අනුවය.

ප්‍රජා පොලිස් කමිටු සමාජික සමාජිකාවන් හා ප්‍රදේශවාසින් විසින් ද්‍රව්‍යමය ආධාර ලබාදුන් අතර පොලිස් නිලධාරින්ගේ ශ්‍රම දායකත්වය මත ඉදිවු මෙම නිවෙසේ වටිනාකම රුපියල් ලක්ෂ 17ක් පමණ විය. ඉදිකළ නිව‍ෙසේ යතුර භාර දි නිවෙස විවෘත කිරිම පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතාගේ ආරාධනයෙන් නියොජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අතින් සිදු කළේය. මෙම අවස්ථාවට කන්තලේ ප්‍රාදේශිය ලේකම් කේ.පි.ප්‍රේමදාස මහතා ද සහභාගිවිය. ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ඩි.පි.පි.රාමානායක මහතා ඇතුළු ප්‍රජා පොලිස් කමිටුව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

අදහස් 1ක් ඇත

polisiye sad kiryawa api agaya karamu .

නව අදහස දක්වන්න