උලුක්කුලම ගම්මානයට සිංගර් ජල පිරිපහදු ඒකකයක් | දිනමිණ

උලුක්කුලම ගම්මානයට සිංගර් ජල පිරිපහදු ඒකකයක්

 

සිංගර් ශ්‍රී ලංකා සමාගම මෙරට ශීඝ්‍ර යෙන් පැතිර යන වකුගඩු රෝගය මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විතයට දායක වෙමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උලුක්කුලම ගම්මානය සඳහා ජල පිරිපහදු ඒකකයක් පිහිටුවයි. රුපියල් මිලියන 4ක් පමණ වන මෙම ව්‍යාපෘතිය සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම ආධාර සපයා ඇති අතර හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් පියුරිටාස් සමාගමේ තාක්ෂණික දායකත්වය ඇතිව, ජලසම්පාදන මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ මෙම ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය පිහිටුවා තිබේ.

වකුගඩු රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින ගම්මානයක් ලෙස අනුරාධපුර උලුක්කුලම ගම්මානය සිංගර් විසින් තෝරා ගෙන තිබේ. මේ අනුව 1600 ක පමණ ජනතාවක් වාසය කරන අනුරාධපුර උලුක්කුලම ගම්මානය සඳහා මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවා තිබේ.

මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රීලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ එකම රටක ජීවත්වන පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විදීම සම්බන්ධයෙන් සිය සමාගමේ අවධානය දැඩි ලෙස යොමු වූ බවයි.ඒ අනුව මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවීමට කටයුතු කළ බවත්, එතුළින් වකුගඩු රෝගය ඇතිවීමේ අවදානම යම් මට්ටමකින් අවම කිරීමට හැකිවනු ඇති බව ද හෙතෙම කීය.

මේ ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය මඟින් බෙදාහැරීමේ ස්ථාන 9ක දී ජනතාව වෙත පිරිසිදු ජලය නිකුත් කෙරේ. මෙම පිරිපහදු ඒකකය මඟින් දිනකට ජලය ලීටර් 10,000 ක් නිපදවනු ලබයි. 2016 වර්ෂයේ මැද භාගයේ සිංගර් ශ්‍රී ලංකා සමාගම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා රුපියල් මිලියන 7.5ක් වටිනා රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගන්නා CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර 3ක් ජාතික රෝහල් වෙත පිරිනමන ලදී. සිංගර් “Thirst for Life” ව්‍යාපෘතිය යටතේ මෙම CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර පිරිනැමීය. ඒ අනුව සිංගර් විසින් මෙරට රෝහල් සඳහා ලබාදී ඇති CRRTයන්ත්‍ර සංඛ්‍යාව 6 කි.

නව අදහස දක්වන්න