ඇෆ්ගනිස්ථාන වෙළඳ සබඳතා ශක්තිමත් කෙරේ | දිනමිණ

ඇෆ්ගනිස්ථාන වෙළඳ සබඳතා ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ආයෝජන ආරක්ෂක  ප්‍රවර්ධන ගිවිසුමක් හා කොළඹ සිට කාබුල් දක්වා සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට අදාල මූලික සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විනි.
 
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් අයුරින් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්විය. දෙරට අතර ඇරඹීමට යෝජිත  ආයෝජන ආරක්ෂක හා ප්‍රවර්ධන ගිවිසුම පිලිබඳවද විශේෂ වශයෙන් සාකච්ඡා කෙරුනු අතර එම ගිවිසුම සම්බන්ධ කෙටුම්පතක්ද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපතිවරයා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිලිගන්වන ලදි.
 
මෙහිදී අදහස් පලකල තානාපතිවරයා ප්‍රකාශකර සිටියේ ඇෆ්ගනිස්ථානය රත්‍රන්,තඹ,යුරේනියම් ,යකඩ වැනි ඛනිජයන්ගෙන් පොහොසත් රටක් බවත් ශ්‍රී ලංකාව වැනි රටක් තම රට සමග ආයෝජන අවස්ථා ඇතිකර ගැනීම සතුටට කරුණක් බවත්ය. විශේෂයෙන් මෙරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය වරයා වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට දෙරට අතර මෙම ආයෝජන අවස්ථා ඇතිකිරීම සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි මහතා ඉල්ලා සිටියේය.

නව අදහස දක්වන්න