වැගනර් - බෝල්ට් නවසීලන්තයට ජය ගෙනෙති | දිනමිණ

වැගනර් - බෝල්ට් නවසීලන්තයට ජය ගෙනෙති

(ශාෂිංක විදුසර හපුආරච්චි )
 
ට්‍රෙන්ට් බෝල්ට් ගේ සහ නීල් වැග්නර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තය සහ බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 12කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
 
නවසීලන්තයේ වෙලින්ටන් හිදී පැවති මෙම තරගයේ පළමු දින දෙකම වර්ෂාව නිසා අතහැර දැමූ අතර එම  නිසා දින තුනක් තුල පමණක් පැවැති තරගයක් බවට මෙය පත්විය. තරගයේ කාසිය වාසිය ලබාගත් නවසීලන්ත නායක රෝස් ටේලර් වර්ශාව සහ පිටියේ තත්වය සලකා බලමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට බංගලාදේශ පිතිකරුවන්ට ආරාධනා කල අතර නායකයා ගත් තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් බංගලාදේශ පළමු ඉනිම ලකුණු 211 කට සීමා කිරීමට වැගනර් සහ බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය. එහිදී නීල් වැග්නර් පන්දු වාර 13 තුල ලකුණු 28 පමණක් ලබාදෙමින් කඩුලූ 4ක් දවාගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් පන්දු වාර 11 තුල ලකුණු 38 කට කඩුලූ 3ක් දවාගත්හ. ඉතිරි කඩුළු ත්‍රිත්වය ටිම් සවුති, කොලින් ඩී ග්‍රැන්ඩ්හෝම් සහ මැට් හෙන්රි අතර එක් කඩුල්ල බැගින් ඛෙදී ගියහ. පන්දුවට පහරදිමේදී බංගලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් ලකුණු 74ක් ලබාගත්හ.
 
ඉන්පසු තම ප්‍රථම ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 432ක් ලබා සිටියදී තම ඉනිම අත්හිටුවා බංගලාදේශයට දෙවන ඉනිම සඳහා ආරාධනා කරන ලදී. එහිදී නවසීලන්තය වෙනුවෙන් නායක රෝස් ටේලර් ද්විත්ව ශතකයක් වාර්තා කල අතර ඔහුගේ පෞද්ගලික තෙවන ද්විත්ව ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය. තමන් ලබාගත් ලකුණු 200 පන්දු 212 තුලදී රොස් ටේලර් ලබාගත් අතර මුස්ටෆිසුර් රෙහෙමන් ගේ පන්දුවක් කඩුලූ රකින ක්‍රිඩක ලිටන් ඩස්ගේ අතට උඩ පන්දුවක් ලෙස ලබාදී ඔහු දැවී ගියහ. හෙන්රි නිකොල්ස් පන්දු 129 තුල ලකුණු 107ක් ලබාගත්හ. පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් අබු ජායෙඩ් පන්දු වාර 18 පන්දු 5 තුල ලකුණු 94 කට කඩුලූ 3ක් දවාගත්හ.
 
දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරිම සඳහා ලකුණු 221 ලබාගත යුතු වුවද ඔවුන්ට රැස් කරගැනිමට හැකිවුයේ සියලූදෙනා දැවී ලකුණු 209 පමණි. ඒ අනුව නවසීලන්ත  කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 12කින් තරගය ජයග්‍රහණය කරන ලදී. එහිදි බංගලාදේශ නායක මහමුදුල්ලා ලකුණු 67 ලබාගැනිමට සමත් විය. පන්දු යැවිමේදී නීල් වැග්නර් පන්දු වාර 14 තුල ලකුණු 45 ලබාදෙමින් කඩුලූ 5ක් දවාගත් අතර, ටේ‍රන්ට් බෝල්ට් පන්දු වාර 16 තුල ලකුණු 52 කට කඩුලූ 4ක් දවාගත්හ. ප්‍රතිවාදී ඉනිම ද්විත්වය පුරාවටම නීල් වැග්නර් කඩුළු 9ක්ද, ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 7ක්ද දවාගනිමින් නවසීලන්තයට පහසු ජයක් ලඟා කරලිමට සමත් විය. 
 
තරගයේ වීරයා සම්මානය නවසීලන්ත නායක රොස් ටේලර්ට හිමිවිය. 
 
තරගයේ විනිසුරුවරුන් ලෙස පෝල් රයිෆල් සහ රුචිර පල්ලියගුරු කටයුතු කලහ.

නව අදහස දක්වන්න