සතුන් නැතිව කිරි බිත්තර | දිනමිණ

සතුන් නැතිව කිරි බිත්තර

ගෝලීයකරණය තුළ දිනෙන් දින වෙනස්වන නිෂ්පාදන ක්‍රමවේදයන් සැබවින්ම විශ්මයජනකය. මිනිස් මනසත්, ජීව විද්‍යාවත් මැනවින් සම්මිශ්‍රණය කරමින් නව නිපැයුම් නිර්මාණකරණය මේ වන විට මුළු ලෝකයේ ම පවත්නා නව ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. ජීව විද්‍යාඥයෙකු මෙන් ම ව්‍යාපාර දර්ශනය පිළිබඳව පුහුදුන් මනසක් හිමි රයන් බෙතන්තෝට් නම් වූ සුවිශේෂ පුද්ගලයා කටෝර වූ ආර්ථිකය යළි ස්ථාපනය කිරීම සඳහා තම මනස උද්දීපනය කළහ.

ඔහු යහළුවන් දෙදෙනෙකු හා එක් වී කඩාහැළුණු ආයතනවලින් ආම්පන්න මිලට ගෙන 2013 දී කවුන්ටර් කල්චර් ලැබ්ස් නමින් කැලිෆෝනියා ඕක්ලන්ඩ්හි සමාගමක් පටන් ගත්හ.

අත්දැකීම් හා අතහදාබැලීම් එක්තැන් වුණු පර්යේෂණාගාරයක් තුළින් විශ්මකර්ම නව තාක්ෂණයේ අරුමය උරගා බලන්න ඔවුන්ට අවශ්‍ය විය.

මුලින්ම එළදෙනට අයිතිවාසිකම් කියන්න බැරි කේජු ( චීස්) හදන්න ඔවුන් ගත් උත්සාහය සාර්ථක විය. ඔවුන්ගේ නොපසුබට උත්සාහය වුයේ සතුන් පටලවා නොගත් අලුත් අනාගතය සඳහා නිෂ්පාදනය කිරීම ය. එළදෙන නැතිව කිරි නිෂ්පාදනය කිරීම මෙන් ම කිකිළි නැතිව බිත්තර නිෂ්පාදනය , වඩාත්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාර වට්ටෝරුවක් මඟින් ලෝකයේ ආහාර ප්‍රශ්නවලට දිගුකාලීන විසඳුම් සෙවීම ඔවුන්ගේ අරමුණ විය. නුදුරු දිනකදීම හරකා නැතිව මස් ආහාරයට ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගක් ගැනීම හැකි බවට ඔවුන් අනාවැකි පළ කර ඇත. මෙහි දී රයන් බෙතන්තෝට් ඇතුළු යහළුවන් තම පුහුදුන් මනසින් සහ ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයන් මඟින් ප්‍රකාශ කර සිටියේ මස් සහ කිරි පරිභෝජනය නොකර සි‍ටීම නොවන්නේ ය.

මෙම කණ්ඩායමට අවශ්‍ය වුයේ රසායනාගාර තුළ නව ආහාර නිපදවීමට ය. ඔවුන්ගේ අරමුණ වුයේ කෘත්‍රීම ජීව විද්‍යාව ඔස්සේ , විද්‍යාගාරයේදී කෙරෙන පරීක්ෂණ තුළින් සතුන්ට හානියක් කරදරයක් නැතිවම මස්, කිරි, බිත්තර, සුදුමද, කොලජන් නිෂ්පාදනය කළ හැකි බව සොයා බැලීමය . පරිසරයට අහිතකර අමුද්‍රව්‍ය හැකිතාක් අවම කරමින් මෙන් ම භාවිතයට ගන්නා ජලය හා ඉඩම් හැකිතාක් අවම කරමින් ලෝකයේ ජීවත්වන ජනතාවට අත්‍යවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතා තිරසාර ලෙස සැපයීම ඔවුන්ගේ පරම අරමුණ වේ .

සතුන් කෙරෙහි යැපීම වෙනුවට පරිසරයට හිතකාමී වන අයුරින් උසස් තාක්ෂණය සහ මිනිස් මනස ඒකාබද්ධ කරමින් නව ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ප්‍රවණතාවය මුළු ලොවක් පුරා ව්‍යාප්ත කිරීම සාර්ථක පියවරකි. කිරි බෝතලයේ එවිට සඳහන් වන්නේ සත්ව නොවන කිරි වශයෙනි. වර්තමානය වන විට මස් නිපැයීමේ රසායනාගාර පරීක්ෂණ පවත්වාගෙන යයි. 2021 වන විට මෙලෙස ගෙන එන්නේ සත්ව ආහාර වෙනුවට පරීක්ෂණාගාරවල නිපැයූ හිතකර පෝෂණ පද්ධතීන්ගෙන් අනූන රසින් නොවඩු කෘත්‍රීම තිරසාර ආහාරවේලක් විය හැකි ය.

අද වන විට එළදෙන නැති කිරි වෙළෙඳපළට ගෙන ඒමටත් , ක්ලේරා ෆුඩ්ස් බිත්තර සුදුමද Perfect Day Milk (පර්ෆෙක්ට් ඩේ කිරි ) නිපදවන්නට උත්සහ දරණු ලබයි. එමෙන් ම ජෙල්ටර් සමාගම විසින් රසායනාගාර තුළ කොලජන් නිෂ්පාදනය කිරීම ද සිදු කිරිමට උත්සහ දරා ඇත.

 

නව අදහස දක්වන්න