බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පොංගල් සැමරුම් | දිනමිණ

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පොංගල් සැමරුම්

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ක්‍රියාකාරී පුරවැසි (Active Citizens) වැඩසටහනේ පොංගල් දින සැමරුම් උත්සවය ජනවාර්ගික ප්‍රජාවන් අතර අන්තර් සංස්කෘතික අවබෝධය තීව‍්‍ර කිරීමේ අදසින් ශ්‍රී ලංකා බ්‍රිිතාන්‍ය කවුන්සිලයේ ක්‍රියාකාරී පුරවැසි(Active Citizens) වැඩසටහන විසින් අනුග්‍රහය දක්වන සාම සාධක තානාපති නායකත්ව පුහුණු වැඩසටහනේ (PALP) සාමාජිකයින් වෙනුවෙන් 229 වසරක ඉතිහාසයක් සහිත නාටූකොට්ටායි නගරත්තාර් ශ්‍රී කතිර්වේලායුධ ස්වමි කෝවිල් පරිශ්‍රයේ පොංගල් විශේෂ වැඩසටහනක් පැවැත්වීමට IYAP සංවිධානය කටයුතු කරන ලදී.

ගෞරවනීය විසුද්ධි හිමියන්, ෆර්හාන් මවුලවි තුමන්, දකුණු පළාත් සභාවේ ගරු සංස්කෘතික වර්නාඞ් පෙරේරා මහතා, ගාල්ල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර මහතා, කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී, චරිත ගුණරත්න මහතා සහ එකී කෝවිලෙහි කුරුක්කල් තුමන්ගේ සහභාගීත්වය මෙම වැඩසටහන සැබෑ බහු ජනවාර්ගික සැමරුමක් බවට පත් කළහ.

උදෑසන 8.30 ට ආරාධිත අමුත්තන්, ස්වේච්ඡා සේවකයන්, ඔවුන්ගේ පවුලේ අය සහ අනෙකුත් සහභාගිවන්නන් සමඟ විශේෂ උත්සවය ආරම්භ විය. අනතුරුව කෝවිලෙහි කුරුක්කල් තුමන් විසින් සහභාගීව සිටි ආගමික පූජකවරුන් සහ රජයේ නිල්ධාරීන් ඉදිරිපිට දී විශේෂ පුජාව පවත්වන ලදී. මෙහි දී බෞද්ධ භික්ෂූන් වහන්සේ තම හින්දු සහ මුස්ලිම් පූජක ප්‍රජාව සමඟ පළතුරු භුක්ති විඳිමින් සුහඳ පිළිසඳරක යෙදෙනු දැකීම සංවේ දී අවස්ථාවක් විය. එමෙන්ම අජිත් කුමාර මහතා සිය කුඩාකළ අසල්වැසියන් සමඟ පොංගල් රසවිඳි මතකය හුවමාරු කර ගැනීමද සතුටුජනක අවස්ථාවක් විය.

සියලු දෙනා සක්කාර පොංගල්, කේසාරි, වඩේ සහ ලඩ්ඩු යන හින්දු රසකැවිලි භුකිති විඳි අතර මෙම වැඩසටහන සංවිධානයෙහිලා සම්බන්ධ වූ ස්වෙච්ඡා සේවකයකු සහභාගී වූ පිරිස අමතමින් මෙම උත්සවයේ වැදගත්කම හා එහි අරමුණු විස්තර කරන ලදී.

කොළඹ නගර සභාවේ මන්ත්‍රී චරිත ගුණරත්න මහතා විසින් මෙවැනි අධ්‍යාපන, සංස්කෘතික වටිනාකම්වලින් යුත් වැඩසටහන් ප්‍රජාව තුළ දක්නට ලැබීම වැඩිදියුණු කිරීමට අදාළව පවතින සිය උනන්දුව සහ සැළසුම් පිළිබඳ කෙටි කථනයක් පවත්වන ලදී. සාමය හා සෞභාග්‍ය අවධාරණය කරමින් තරුණ තරුණියන් සහයෝගීත්වය වර්ධනය කරනු වස් උපකාරී විය හැකි අනාගත ව්‍යාපෘති සහ සහයෝගීතාවන් වෙනුවෙන් තම සහාය පළකරන බව IYAP සහ පැමිණ සිටි පිරිස ඉදිරියේ ඔහු සපථ කළේය.

Òඅපි IYAP සංවිධානය ලෙස විවිධ ආගම් නියෝජනය කරන තරුණ පරපුර සමඟ පොංගල් උත්සවය සැමරීමට කටයුතු කළා. බ්‍රිතාන්‍ය කවුන්සිලය අනුග්‍රහය දක්වන PALP වැඩසටහනේ එක් අංගයක් ලෙස දකුණේ ප්‍රජාව ඇසුරෙහි අන්තර් සංස්කෘතික අවබෝධය සහ සංවාදය හුවමාරු කර ගැනීමේ අත්දැකීම ලබාදීමට අපට හැකිවුණා. තවත් මෙවැනි වැඩටහන් ඉදිරියේ දී ඇතිවේවායි යන්න අපගේ අපේක්ෂාව.Ó යැයි IYAP ප්‍රාරම්භක සභාපති තිරුකුමාර් පේ‍්‍රමකුමාර් මහතා සඳහන් කළේය.

එක් අවුරුදු වැඩසටහනේ කොටසක් ලෙස, PALP වැඩසටහන හා සම්බන්ධ වූ සියලු ස්වෙච්ඡා සාමාජිකයන්, මෙම වැඩසටහනෙහි අවසාන ඉලක්කය ළගා කර ගැනීම සඳහා පුහුණු කිරීම, නිරීක්ෂණය කිරීම සහ මෙහෙයවීම කළ යුතුය. ඒ සාමකාමී ලෝකයක් කරා ක්‍රියාකිරීම, සිතීම සහ වැඩ කිරීමට ඔවුන් දිරිමත් කිරීම තුළින් ක්‍රියාකාරී පුරවැසියන් බවට පත්කිරීමේ අදිටනින්ය.

PALP වැඩසටහනෙහි වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර https://www.facebook.com/IYAP.org, https://www.instagram.com/iyap_org/ සහ https://twitter.com/iyap_org යොමුවන්න.

නව අදහස දක්වන්න