කුඩා දරුවෙක් ඇළකට වැටී මරුට | දිනමිණ

කුඩා දරුවෙක් ඇළකට වැටී මරුට

අරලගංවිල පොලිස් වසමේ මල්දෙණිය ප්‍රදේශයේ ඇළකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
ඊයේ(10) සවස 1.00ට පමණ මෙය සිදුව ඇත.
 
ඇලට වැටී බරලතළ තත්ත්වයෙන් සිටි දරුවා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිට තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 2 යි මාස 3 ක් වු උල්පත්වැව, රුහුණුගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දිනුක හසරැල් කුමාරසිරි නැමති සිඟිත්තෙකි.
 
මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අරගලගංවිල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න