බණ්ඩාරගම තෙමහල් වෙළෙඳ සංකීර්ණය අගමැති අතින් අද ජනතා අයිතියට | දිනමිණ

බණ්ඩාරගම තෙමහල් වෙළෙඳ සංකීර්ණය අගමැති අතින් අද ජනතා අයිතියට

රුපියල් කෝටි 27ක වියදමින් බණ්ඩාරගම නගරයේ ඉදිකෙරුණු නව තෙමහල් සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීම 11 දා ප.ව 4 .00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

සුඛිත පුරවර වැඩසටහන යටතේ ඉදිකෙරුණූ මේ වෙළෙඳ සංකීර්ණයේ බිම් මහලේ වෙළෙඳ කුටි 24 ක් ඇති අතර දෙවැනි සහ තුන්වැනි මහල්, ඒකක දෙක බැගින් ශාලා 04 කින් යුක්ත වේ. එමෙන්ම රථ ගාලකින්ද සමන්විත වන මේ සුපිරි වෙළඳ සංකීර්ණයේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් සිදු කර තිබේ.

සටහන සහ ඡායාරූපය- හල්තොට සමුහ විනිතා මානෙල් ගමගේ 

නව අදහස දක්වන්න