ATM අසල සිටින සැක පුද්ගලයන් සොයා මෙහෙයුම් | දිනමිණ

ATM අසල සිටින සැක පුද්ගලයන් සොයා මෙහෙයුම්

ATM යන්ත‍්‍ර ආසන්නයේ සැක කටයුතු අන්දමින් ගැවසෙන පුද්ගලයන් පිළිබද පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ATM යන්ත‍්‍රවල ඇති සී සී ටී වී කැමරාවලට හසු නොවන අයුරින් රැදී සිටින පුද්ගලයන් වේ නම් ඔවුන් පිළිබද තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනු ලැබේ.
 
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ ඒ ටී එම් යන්ත‍්‍ර හරහා සිදු කෙරෙන මුදල් වංචා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණවීමත් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බවයි. 
 

නව අදහස දක්වන්න