පස්සර බස් නැවැතුම ළග පරණ බිල්ඩිම ළඟදීම බිම | දිනමිණ

පස්සර බස් නැවැතුම ළග පරණ බිල්ඩිම ළඟදීම බිම

පස්සර සමුහ- උබයරත්න වනසිංහ

පස්සර නගරයේ පොදු වෙළෙද පොළ ඉදිරිපිට හා ප්‍රධාන බස් නැවැතුම් පො‍ළට සමීපව ඇති පැරණි මහල් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇතැයි පස්සර නගරවාසීහු පෙන්වා දෙති.

මීට වසර 80කට පමණ පෙර තනා ඇති මෙම ගොඩනැගිල්ලෙහි ඉහළ මහලයේ තනා ඇති කඩ කාමර කුලී හා බදු පදනම මත වෙළෙදුන් කිහිප දෙනෙකුට ලබා දී තිබු බව සදහන් කරන එම නගරවාසීන් ඇති වීමට පටන් ගෙන ඇති අවදානම් තත්වය නිසා ඉහළ මාලයේ කඩ කාමර මීට වසර කිහිපයකට පෙර වසා දමා ඇති බවද කියා සිටී.

සෑම වැසි දිනයකම ගොඩනැගිල්ලේ අවදානම් කොටසේ ඇති පුපුරා ගිය තැන්වලින් වැඩි වශයෙන් ජලයකාන්දු වීමට පටන් ගෙන ඇති නිසාත් ගොඩනැගිල්ලට සමීපව ඇති ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඇති බර වාහාන හා ඒවා හරහා ඇති වන කම්පන තත්වයන් නිසාත් පුපුරා ගිය එම කොටස් කොයි මොහොතක හෝ කඩා වැටීමට ඉඩ ඇති බවත්,එසේ වීමෙන් අනතුරක් සිදු වුවහොත් බස් නැවැතුම් පෙලෙහි ගැවසෙන මගීන් ඇතුළු අනෙකුත් බොහෝ දෙනෙකුටත් නොසිතූ අන්දමේ විපත්වලට මුහුණ දීමට සිදු වන බවත් වැඩි දුරටත් පෙන්වා දෙන පස්සර නගරවාසීහු මෙහි බරපතලකම නිසි ලෙස වටහාගෙන ඒ පිළිබද වගකිව යුතු සියලුම බලධාරීන් එක්ව විසදුමක් ලබාදීමට කටයුතු කිරීම යෝග්‍ය බවද ප්‍රකාශ කර සිටිති.

නව අදහස දක්වන්න