Monday, ජනවාරි 21, 2019 - 01:00
අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් 38 දෙනෙකුට සුඩාන රාජ්‍ය ආරක්ෂක අංශය වරෙන්තු නිකුත් කර තිබේ.
ප්රචණ්ඩත්වය හා මහජන කැළඹීම් ඇති කිරීම, ව්‍යාජ ප්රවෘත්ති බෙදා හැරීම, නීතිය හා සාමය කඩවන ආකාරයෙන් ප්රවෘත්ති වාර්තා කිරීම යන චෝදනාවලට අදාළව ඔවුන්ට වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ.
එරට බොහෝ මධ්‍යවේදීන් සමාජ ජාල වෙබ් අඩවි මඟින් මහජන කැලඹෙීම් ඇති වන ආකාරයට ඡායාරූප සහ විඩියෝ පට පළ කිරීම සිදුකර ඇති බවද වාර්තා වේ. වරෙන්තු නිකුත් කළ මාධ්‍යවේදින්ගෙන් 28දෙනෙකු වෙනත් රටවල මාධ්‍යවේදින් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව අදහස දක්වන්න