ව්‍යාපාරිකයාගෙන් කප්පම් ගත් මීටියාගොඩ 2ක් අතේකෝට් | දිනමිණ

ව්‍යාපාරිකයාගෙන් කප්පම් ගත් මීටියාගොඩ 2ක් අතේකෝට්

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පොඩි ලැසී නැමති අයගේ ගෝලයන් බව හඟවමින් මරණිය තර්ජන කොට බිය ගන්වා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් හතළිස් දහසක කප්පම් මුදලක් ලබා ගනිමින් සිටි අවස්ථාවේදී ම කප්පම්කරුවන් දෙදෙනා සහ ඔවුන් පැමිණියේ යැයි කියන ත්‍රීරෝද රථයක් ද සිද්ධියට අදාළ ජංගම දුරකථන දෙකක් ද ඊයේ අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.

කප්පම්කරුවන් දෙදෙනා දුරකථයක් මාර්ගයෙන් මීටියාගොඩ, වෙදවත්තේ පදිංචි ව්‍යාපාරිකයාට කථා කොට රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් මුලින්ම ඉල්ලා ඇතැයි කියති. ව්‍යාපාරිකයා කප්පම්කරුවන් සමඟ සාකච්ඡා කොට එම මුදල අඩුකර ගෙන තිබේ. ඒ අනුව ත්‍රීරෝද රථයෙන් පැමිණි කප්පන්කරුවන්ට ව්‍යාපාරිකයා මුදල් දෙනවාත් සමඟ ම පොලිස් නිලධාරීන් කඩා පැන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මින් එක් සැකකරුවෙකු මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් සැකකරු ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලීසිය සඳහන් කළේය.

කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව සහ ඇල්පිටිය 11 සහකාර පොලිස් අධිකාරී රත්නායක යන මහතවරුන්ගේ උපදෙස් මත මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල තුසාර මහතාගේ අධීක්ෂණය යටතේ මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිණිගේ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යන අතර සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබුණි.

අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස, කරන්දෙණියේ අනුරාධ ප්‍රියදර්ශන හා දකුණු පළාත් සංචාරක
ඡායා-කරන්දෙණියේ අනුරාධ ප්‍රියදර්ශන 

නව අදහස දක්වන්න