කාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇගවිමක් | දිනමිණ

කාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇගවිමක්

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ධීවර කටයුතු වලට යෙදෙන්නන්ට සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනු ලැබේ.
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල අද වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ඇත.

නව අදහස දක්වන්න