විජයකලාට එරෙහි නඩුව පෙබරවාරි දක්වා කල් යයි | දිනමිණ

විජයකලාට එරෙහි නඩුව පෙබරවාරි දක්වා කල් යයි

එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ පෙබරවාරි 22 වනදා දක්වා කල් දැමීමට අද නියෝග කලේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

ඊට අදාළව කරුණු දක්වමින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මන්ත්‍රීවරියට එරෙහිව නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට එම උපදෙස් ලබාදීමට සිහිකැදවීමක් යැවීම සදහා නියෝග කෙරිණ.

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටි.ටි.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි  මස 02 වනදා යාපනයේදි ප්‍රකාශ කළේ රජයේ අමත්‍යවරුන් කිහිප දෙනෙකුද සහාභාගි වි සිටි උත්සවයකදීයි.

නව අදහස දක්වන්න