ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි | දිනමිණ

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගනු ලැබීය.

කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනයක් මෙලෙස ඉවත් කරගෙන ඇත.

2008 වසරේදී කොස්වත්ත - තලාහේන ප්‍රදේශයේදී කල්වාරි දේවස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය නිදොස් කොට නිදහස් කළ අතර, එම තීන්දුවයි නීතිපතිවරයා විසින් අභියෝගයට ලක් කර තිබුණේ.

නව අදහස දක්වන්න