කතානායකගේ උත්සාහය එජාප වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි | දිනමිණ

කතානායකගේ උත්සාහය එජාප වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

කතානායකවරයා එජාපයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් එසේ වුවද පාර්ලිමේන්තුවට හා කතානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති බව හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වු ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඊයේ (8) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.

රටක වැඩ කටයුතු සිදුවිය යුත්තේ ඒ රටේ ව්‍යවස්ථාව අනුවයි. ජනාධිපතිවරයා වැඩ කටයුතු කරන්නේ එහෙමයි. පසුගිය ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස තිබුණේ. ඒ අනුව තමයි 30 වැඩි කැබිනට් මණ්ඩලයක් හිටියේ. ඒ අනුව එයින් එක්සත් ජනතා නිදහස් සංධානය ඉවත් වුණාම ජාතික ආණ්ඩුව බිඳ වැටෙනවා. ඔය තර්කය උඩම තමයි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකකම නොදුන්නේ. ඔවුන්ගෙන් පිරිසක් ජාතික ආණ්ඩුවේ සිටීම නිසා ඒ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකකම අහිමි වුණා. එතකොට ජාතික ආණ්ඩුවේ හිටපු එක් ප්‍රධාන පාර්ශ්වයක් එයින් ඉවත් වුණාමත් එජාප මන්ත්‍රීවරුන් 34 දෙනකු කැබිනට් මන්ත්‍රී ධුරවල ඉන්නවා. එහෙම බෑ. ඒ අනුව තමයි ඒ ආණ්ඩුව අහෝසි වෙන්නේ. ඊට පසුව ජනාධිපතිවරයාට ඇති බලතල අනුව ඔහු විසින් හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයා පත්කරා. එවිට පත්කරන්නේ එම අවස්ථාව අනුව බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට සිතෙන පුද්ගලයා. එය ව්‍යවස්ථානුකූලව ඉතාම නිවැරදි අකාරයට සිදු වු දෙයක්.

දැන් ඊළඟට රට තුළ යම් ව්‍යාකූල තත්ත්වයක් ඇත්නම් රට තුළ ජනාධිපතිවරයාට පිළිගත නොහැකි තත්ත්වයක් ඇත්නම් එයිනුත් රට මුදාගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. එහෙම අවස්ථාවක වුණත් එවැනි තීන්දුවක් ගන්න ජනාධිපතිවරයාට බලය තියනවා.

නව අදහස දක්වන්න