විජයකලා පාර්ලිමේන්තුව කල් තියයි | දිනමිණ

විජයකලා පාර්ලිමේන්තුව කල් තියයි

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමඟ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වීම හේතුවෙන් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබීය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් ඊයේ යාපනය - වීරසිංහම් ශාලාවේදි පැවති අතර ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් ප්‍රකාශ කලා යැයි පැවසෙන් ත්‍රස්ත හිතවාදී ප්‍රකාශයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද එක්ව සිටියේය.

මේ අතර රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

නව අදහස දක්වන්න