කැසිනි - සෙනසුරුගේ වළලූ අතරට | දිනමිණ

කැසිනි - සෙනසුරුගේ වළලූ අතරට

සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයන් ගවේෂණය කිරීම සදහා මීට 20 වසරකට පෙර උඩු ගුවනට යැවූ කැසිනි ගවේෂණ යානය මේ වනවිට ග්‍රහයා සහ එහි වළලූ අතර කලාපයට පිවිස ඇති බව නාසා ආයතනය පවසයි. 

ඒ කැසිනි ගවේෂණ යානයේ ඉන්ධන ශක්තිය අවසන් වෙමින් පවතින නිසා එය ග්‍රහයා මත පතිත වී විනාශ වීමට පෙර අවසන් ඡායාරූප ලබා ගැනීමේ අරමුණින්. 

නාසා ආයතනය ප්‍රකාශ කලේ පැයට සැතපුම් 77,000 ක වේගයෙන් ග්‍රහයා වෙත ගමන් කරන කැසිනි සෙනසුරු ග්‍රහයාගේ මතුපිට කාලගුණ සංසිද්ධිය පිළිබදව අවසන් තොරතුරු පෘථිවියට එවමින් සිටින බවයි.

දැනට එවා ඇති දත්ත වලට අනුව මෙම ගවේෂණ යානය සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයේ පැවැත්ම පිළිබද හෝඩුවාවක් ලබාදීමට ආසන්න වී ඇති බවයි එමගින් වැඩිදුරටත් සදහන් කළේ.

නව අදහස දක්වන්න