කතක් බිය ගන්වා අතවර කර මුදල් කොල්ල කාලා | දිනමිණ

කතක් බිය ගන්වා අතවර කර මුදල් කොල්ල කාලා

මුහුණු පොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර කාන්තාවක් දූෂණය කර එම කාන්තාව බියගන්වා මුදල් ලබාගත් බව කියන පුද්ගලයෙක් ඇඹිලිපිටිය පොලිසිය මඟින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබේ. මුහුණු පොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර් ජාලයට මුදාහරින බව පවසමින් මෙම පුද්ගලයා කාන්තාව බියගන්වා රුපියල් දස දහසක්ද බලෙන් ලබාගෙන ඇති බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මෙම සැකකරු ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ ජංගම දුරකතනයේ කාන්තාවන් දෙදෙනෙකුගේ නිරුවත් ඡායාරූප කිහිපයක්ද තිබී සොයා ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතනයක්, පරිඝණකයක්, රන්මාලයක්, මුදල් රුපියල් දසදහසක් සහ සැකකරු පැමිණි මොටර් රථයද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වයස අවුරුදු විසිහයක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

ගාල්ල උතුර සමූහ

නව අදහස දක්වන්න