පරේගම ලෑලි පාලමේ කිතුල් පටි දිරලා | දිනමිණ

පරේගම ලෑලි පාලමේ කිතුල් පටි දිරලා

පරේගම 782 දකුණ පහළවෙල මාර්ගයේ පරේගම ඇළ හරහා ඇති ලෑලි පාලමේ කිතුල් පටි දිරා ගමනාගමනයට බාධා පැමිණ ඇත.

වසර ගණනාවකට පෙර ගම්වාසීන් සකස් කරගත් පාලමේ අබලන් කුතුල් පටි අතරින් පාසල් දරුවන් කීපදෙනකුට මේ වනවිට අනතුරට පත්ව ඇතැයි පරේගම දකුණ බෙරව කන්ද ගම්වාසීහු කියති.

පරේගම බෙරවාකන්දේ පී. ඩී. එම්. තුෂාරි මහත්මිය,

පරේගම ඇළ හරහා පාලමක් හදලදෙන පොරොන්දු සියල්ල අද පාවෙලා ගිහිල්ලා. අපේ ජීවිත ගමට කොටුවෙලා. තේ දලු ගේන්න කුඹුරෙ වීටික ගේන්න වාහනයක් යන්න බැහැ. හදිසියකට ලෙඩෙක් ගේන්න වාහනයක් යන්න බැහැ. ගංවතුර කාලෙට පාලමේ ලෑලි පාවෙලා යනවා. ආයෙත් ගමේ මිනිස්සු පාලම හදාගන්නවා. මෙතනට යකඩ පාලමක් හෝ හදල දෙන්නැයි ඉල්ලනවා.

පී. ඩී. සමන්ත කුමාර,

පාලමෙන් එගොඩ තියෙන බෙරව කුඹුර, වැලිපතඕවිට යාය සියල්ල පුරන්වෙලා. ට්‍රැක්ටරයක් එගොඩට ගෙනයන්න ක්‍රමයක් නැහැ.ගොයම් පාගන්න මැෂිමක් අරගෙන යන්න බැහැ. වී ටික, පෝර ටික ගෙනයන්න වාහනයක්, ට්‍රැක්ටරයක් යන්න බැහැ. අධිවේගී මාර්ගය පේනදුරින් තියෙන පරේගම ඇළ හරහා පහළවෙල පාරේ තවම කිතුල්පටි මතින් ගමන් කරන ජනතාව පාලමෙන් ඇළට වැටෙන දවස අද ළඟ යැයි සමන්ත කුමාර මහතා කීවේය. වලල්ලාවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි පරේගම දකුණ පහළවෙල මාර්ගයේ ලෑලි පාලම වෙනුවට ස්ථිර පාලමයක් ඉදිවනතුරු බෙරවාකන්ද ගම්වාසීහු බලාසිටිති.

මීගහතැන්න සමූහ

නව අදහස දක්වන්න