පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් | දිනමිණ

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

සංචාරක අවුරුදු 19න් පහළ හොංකොං පිලේ ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව හමුවේ නිරුත්තර වූ ශ්‍රී ලංකා යොවුන් රගර් කණ්ඩායමට අවුරුදු 19න් පහළ ආසියානු රගර් තරගාවලියේ පළමු අදියරේ තරගයෙන් ලකුණු 37-8 ක පරාජයක් විඳ ගැනීමට සිදුවිය.

ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 20න් පහළ රගර් ලෝක කුසලාන තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන දෙවැනි රට තෝරාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු අවුරුදු 19න් පහළ රගර් තරගාවලියේ පළමු තරගය ලෙස ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 22-3කින් පෙරමුණ ගත් හොංකොං පිල තරගය පුරා ගෝලයක් සහ උත්සාහක දිනුම් 6 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

නවීන් හේනකංකානම්ගේ නායකත්වය දරන ශ්‍රි ලංකා පිල සහ හොංකොං පිල අතර දෙවැනි අදියරේ තරගය ලබන 17 දා හොංකොං නුවරදී පැවැත්වෙයි.

නව අදහස දක්වන්න