‘A&K’ සාර්ථක ඉසව්වක් සනිටුහන් කරයි | දිනමිණ

‘A&K’ සාර්ථක ඉසව්වක් සනිටුහන් කරයි

සාහිත්‍ය විචාරයේ සාම්ප්‍රදායික සීමාවන් අබිබවා යමින්, සකලවිධ නිර්මාණකරුවන් සහ සාහිත්‍යකාමීන් එකම සභාවකට රැස් කරනු ලබන ‘අන්නාසි සහ කඩලගොටු’ හෙවත් A&K සාහිත්‍ය උළෙලේ තෙවැන්න යටත්විජිත සමයෙන් උරුම වූ දායාදයක් වන ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්විණි. නවකථාවට පමණක් සීමා නොවූ අංකුර සාහිත්‍යකරුවාගේ පටන් සම්මානනීය සාහිත්‍යකරුවා දක්වා මෙරට ප්‍රධාන භාෂා තුනම ආවරණය වන පරිදි පැවැත්වෙන එකම සාහිත්‍ය උළෙල මෙය වේ.

ශ්‍රී ලංකාව ඇසුරු කරගත් ස්වාධීන පරිසරවේදියකු වන හවර්ඩ් මාර්ටින්ස්ටින් ගේ සමුද්‍ර පර්යේෂණ ඇසුරින් රචිත out of the blue කෘතියෙන් සමුද්‍ර සුරක්ෂාව පිළිබඳ අවධානය යොමුකරවන ආකාරය මෙහිදී සංවාදයට නැගෙද්දී, ප්‍රශානි රඹුක්වැල්ල විසින් creating fun for young ones යන තේමාවෙන් හෙටට පිදෙන පුංචි කලාකරුවන් වෙත ආමන්ත්‍රණය කරන ලදී. පදමාලාවන්ගෙන් බිහිවන ප්‍රේමනීය සාහිත්‍ය පිළිබඳ Romancing the pen: love, Lyrics and literature තේමාවෙන් දමිළ රැප් ගායකයකු වන ක්‍රිශාන් මහේෂන් සහ සිය නමින් හඳුනන පිරිස අවම වූත් ‘ජිප්සීස් වෙනුවෙන් අතිශයින් ජනප්‍රිය ගීත ලියූ චන්ද්‍රදාස ප්‍රනාන්දු සහභාගීත්වයෙන් පැවැති සංවාදයේදී කාව්‍ය රචනය සහ ගී පද රචනය අතර ඇති සියුම් වෙනස සාකච්ඡාවට බඳුන් විය.

මෙරට රංග භූමියට සුපිරි හාස්‍යෝත්පාදක නිර්මාණයන් උරුම කළ ඉන්දු ධර්මන සහ නෆීසා අමිරුඩීන්, කථාවස්තුවක් ගෙන ඒමේදී හාස්‍යරසය එයට දායක කරගන්නා අන්දම සිය අත්දැකීම් ඇසුරින් ගෙනහැර පෑමට මෙවර A&K සාහිත්‍ය උ‍ෙළල වේදිකාවෙක් බවට පත්විය. දශක කිහිපයකට ප්‍රථම මෙරට මුද්‍රිත මාධ්‍යයේ ආශ්වාදනීය ඉදිරිපත්කිරීම වූ සිංහල චිත්‍රකතාවද මෙහිදී මාතෘකාවක් බවට පත්විය.

ඉසව්වේදී, සිය නිර්මාණයට පාදක වූ කථා වස්තුව පිළිබඳ නිර්මාණකරුවා විසින් ඉදිරිපත් කරනු ලබන ඉදිරිපත් කිරීම හෙවත් The Story behind the Story යටතේ භාෂා තුනෙන්ම අවධානයට ලක්වූ නිර්මාණ ත්‍රිත්වයක පසුබිම් කථාව සභාවට හෙළිකෙරුණි. 

නව අදහස දක්වන්න