ලියන්ගස්තොට අමුණ දකුණු ඉවුර මහ කන්නයට මංගල දියවර | දිනමිණ

ලියන්ගස්තොට අමුණ දකුණු ඉවුර මහ කන්නයට මංගල දියවර

ලුණම සමූහ සනත් ගමගේ

අම්බලන්තොට ලියන්ගස්තොට අමුණ දකුණු ඉවුර සඳහා මෙවර (2017 ) මහ කන්නය මංගල දියවර නිකුත් කිරීම පසුගිය දා සිදු කෙරිනි.

වලවේ ගඟ බරවකුඹුක ලියන්ගස්තොට ප්‍රදේශයෙන් ගල් බැම්මකින් හරස් කර ලියන්ගස් තොට අමුණ සකස් කර ඒ යටතේ අක්කර 8100ක් යල මහ දෙකන්නයේ වගා කිරීම සිදු කෙරේ. වලවේ ග‍ඟ පැරණිතම අමුණ ද ලියන්ගස්තොට අමුණ වේ.

රජයේ වගා සංග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් ලියන්ගස්තොට අමුණේ මංගල දියවර නිකුත් කිරිම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට වාරිමාර්ග අධ්‍යක්ෂ නෙල්සන් විජයතිලක, දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු ප්‍රේමතුංග, හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු බුද්ධික විජේසේකර, අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් එච්.තිලකවර්ධන යන මහත්වරු සහ ගොවි සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.

ඡායාරූපය - ලුණම සමූහ

 

නව අදහස දක්වන්න