පළාත් පාලන ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්ට භාර දෙයි | දිනමිණ

පළාත් පාලන ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්ට භාර දෙයි

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවට අදාළ ගැසට් නිවේදනය ඊයේ (13) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත භාර දුන්නේය.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කැර ගැනීමෙන් අනතුරුව ජනවාරි මුල්සතියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බවද මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

එහිදී මැතිවරණ කොමසාරිස් වරයා මෙසේද කීය.

දෙසැම්බර් මාසයේ පාසල්වල විභාග පැවැත්වීම මෙන්ම රාජ්‍ය ආයතනවල වර්ෂ අවසාන ගිණුම් පියවීම ඇතුළු කරුණු කාරණා හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් සේවයට ලබාගත නොහැකි බැවින් අදාළ පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට හැකියාව තිබෙනවා.

ලබන අගහාරුවාදා (17) අදාළ ගැසට් නිවේදනය ලබාදෙයි කියලා තමා බලාපොරොත්තු වන බවත් අදාළ ගැසට් නිවේදනය සම්මතවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවද තීන්දුවක් ගන්නවා. මේ වන විට ජන්ද හිමි නාමලේඛනය සකස්කර අවසන්. ඒ නිසා මාසය අවසන් වීමට කලින් ගැසට් නිවේදනය කොමිසන් සභාවට ඉදිරිපත් කිරීමට හැකිවෙයි. ජන්ද විමසීම ඉතා ඉක්මනින් තියන්න කැපවෙනවා. හැබැයි පන්දුව ඇමැති ගාව දියවන්නාවෙන් සම්මත කර ගැනීමෙන් පසු 17 වැනි දින භාරදෙයි කියලා හිතන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. . 

‍උදුලා පීරිස්

නව අදහස දක්වන්න