කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක් | දිනමිණ

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක්

පළා යාමට උත්සාහ කල රැදවියෙකුට බන්ධනාගාර නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ.

අදාළ වෙඩි තැබීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත.

යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටිති.

එම යුවළගෙන් සැමියා එසේ පැන යාමට උත්සාහ දරද්දී ඔහු මෙල්ල කිරීමට එසේ වෙඩි තබා ඇතැයි ද පසුව සැකකරු අල්ලාගෙන යළි බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...