නාවින්නේ ළමා දින උළෙලින්... | දිනමිණ

නාවින්නේ ළමා දින උළෙලින්...

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන කාර්යයෙහි යෙදී දරුවනට උසස් ප්‍රතිඵල ලබා දීමට ගුරු මහත්ම මහත්මීන් මහත් වෙහෙසක් ගන්නා බවත් ඒ අනුව දරුවනුත් මහත් වෙහෙසක් දරා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවත් මෙම දෙපාර්ශ්වය ගෞරාන්විතව ඇගැයීමටත් එවැනි පාසල් වල සංවර්ධන කටයුතු ඉහළ නැංවීමටත් තමා පසුබට නොවන බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා මහරගම දී කීය. මහරගම නගර සභා බල ප්‍රදේශයේ සියලුම ළදරු පාසල් එක් කරමින් ජගත් ළමා දිනය සැමැරීමේ උත්සවය නාවින්න නගර සභා ක්‍රිඩාංගණයේ දී පැවැති අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය.

රටක වටිනාම සම්පත ළමයායි. අධ්‍යාපනයට උචිත පරිසරයක් නිර්මාණය කිරීම අපේ වගකීමයි. සෑම ළමයෙක්ම දස්කම් දක්වනවා ඒ අයගේ හැකියාවන් සඳහා ගුරුමණ්ඩලයේ කැපවීම සහ මහන්සිය අනුව ගුරුවරුනට ඇගැයීමක් සිදු කළ යුතුවෙනවා.

පළාත් සභා මන්ත්‍රිවරුන් වන රොඩ්නී ෆේෂර්, උපාලි කොඩිකාර, මහරගම සමුපකාර සභාපති නිශාන්ත ද කොස්තා, මහරගම ප්‍රාදේශීය ලේකම් ලේකම් බුද්ධි තරංගා කරුණාසේන, මහරගම නගර සභාවේ හිටපු සභාපතිණි කාන්ති කොඩිකාර, මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

පන්නිපිටිය විශේෂ අනිල් ලසත් පෙරේරා

නව අදහස දක්වන්න