පාරේ දැමු කුණු මල්ලේ ගෙදර ඇඩ්රස් එක | දිනමිණ

පාරේ දැමු කුණු මල්ලේ ගෙදර ඇඩ්රස් එක

හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් හොරණ උඩුව පාර අද්දර දෙපස ගෙවල්වලින් ඉවතලන කුණු ගෙනවිත් දමා යාම බලවත් පාරිසරික ප්‍රශ්නයක් විය.

මෙසේ හෙයින් එම ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා උයන පාරිසරික සංවිධනය හොරණ පරිසර පොලිසියේ උපදෙස් පරිදි මෙම ප්‍රදේශය කුණු දැමීමට තහනම් කරමින් පුවරු කීපයක් සවිකිරීමට කටයුතු යොදා තිබිණ. එමෙන්ම ඔවුන් එක්ව ශ්‍රමදාන ආදියෙන් මෙම ප්‍රදේශය පිරිසිදු කීරීමටද කටයුතු කර තිබේ.

මේ සියල්ල නොසලකා කීප දෙනෙක් විසින්සුපුරුදු පරිදි ගෙවල්වලින් ඉවතලන කුණු දැමීම සිදුකර තිබේ. මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටි ප්‍රදේශවාසීන්ට එක අයෙකු අතටම අල්ල ගැනීමට හැකිව තිබේ.

එහෙත් ඔහු වරද පිලි නොගත් හොරණ පරිසර පොලිසියේ නිලධාරීන් පැමිණ අතර කුණු බෑග අවුස්සවා බැලීමේදී සැකකරුගේ ලිපිනයට ආ ලියාපදිංචි ලිපිකවර සහ සාමාන්‍ය ලිපිකවර නිසා ඔහුව අතටම අසුව ඇත. හොරණ පරිසර පොලිසිය ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරන්නට පියවර ගෙන තිබේ.

පෝරුවදණ්ඩ සමූහ, එච් කුලතිලක

නව අදහස දක්වන්න