දරුවන් දෙදෙනා ඝාතනය කල මවට ලැබුණු දඩුවම | දිනමිණ

දරුවන් දෙදෙනා ඝාතනය කල මවට ලැබුණු දඩුවම

සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ කාන්තාවකට අධිකරණයේදී අධි චෝදනා එල්ල කර දඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කැතරින් හොගල් නැමැති මෙම කාන්තාව සිය වයස අවුරුදු දෙකක පිරිමි දරුවා සහ අවුරුදු 03ක් වයසැති ගැහැණු දරුවා ඝාතනය කර ඇති අතර ඝාතනයන් සිදුකර දින 04ක් ගතවීමත් සමඟ ස්වාමි පුරුෂයා විසින් ඇයගේ සැක සහිත හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය පවසා ඇත්තේ දරුවන් දෙදෙනා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රැඳවු බවයි.

2014 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඝාතනයන් සිදුකර ඇත.

අතර ඒ වන විටත් සැකකාර කාන්තාව සුළු මානසික අබාධයකින් පෙලුනු බවට තොරතුරු වාර්තා වෙයි.

නව අදහස දක්වන්න