ටොරින්ටන් පිටිය ප්‍රතිසංස්කරණයට අද මුල්ගල් තබයි | දිනමිණ

ටොරින්ටන් පිටිය ප්‍රතිසංස්කරණයට අද මුල්ගල් තබයි

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා අමාත්‍යාංශයේ 50වැනි සැමරුම නිමිත්තෙන් රුපියල් මිලියන 190 ක වියදමින් ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ නව ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීමට අද පෙරවරු 10.08ට යෙදෙන සුබ මොහොතින් මුල්ගල් තැබෙයි. ක්‍රීඩා ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති නීතිඥ එච්.එම්.එම්.හාරිස් මහතාගේ ආරාධනාවෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මුල්ගල් තැබීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත ඇතුලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පුහුණුව ලබන හෙයින් මෙහි කෘත්‍රිම ධාවන පථයක් එළීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. පසුගිය කාලයේදී ටොරින්ටන් ක්‍රීඩා පිටියේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද ඒව පසුව අණහිටින තත්ත්වයකට පත්විය.

ටොරින්ටන් ක්‍රීඩා පිටිය උසස් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අවධානය යොමුවීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැසසුමට හේතුවී ඇත.

නව අදහස දක්වන්න