පක්ෂ දෙකක් එකතු වී හැදූ යහපාලන ආණ්ඩුව ලොකු ගමනක් යනවා | දිනමිණ

පක්ෂ දෙකක් එකතු වී හැදූ යහපාලන ආණ්ඩුව ලොකු ගමනක් යනවා

හැටන් සමුහ - චන්දන ජයවීර

මන්ත්‍රිවරු 113 ක් හිටියොත් ආණ්ඩුව ගෙනියන්න පුළුවන් පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙක් එකතුවෙලා හදපු ආණ්ඩුව දිග ගමනක් යන එක නවත්තන්න කාටවත් බෑ. කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති නිතිඥ රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

ඇමතිවරයා එසේ පැවසුවේ මස්කෙළිය මැතිවරණ කොට්ඨාශයට අයත් ගිනිගත්හේන ප්‍රදේශයේදි කුඩා පරිමාණ ස්වයං රැකියා කර්මාන්තකරුවන් පිරිසක් දැනුවත් කිරිම හා ගිනිගත්හේන ,අඹගමුව - ගල්පොතුයාය ප්‍රදේශයේ කුඩා පරිමාණ ඇගළුම් කර්මාන්ත ශාලාවක් ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට එක්වු අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින්ය.එම අවස්ථාව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා එක්සත් ජාතික පක්ෂ මස්කෙළිය ආසනයේ සංවිධායක කේ කේ පියදාස මහතා විසින් සංවිධානය කර තිබේ.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වු රිෂාඩ් බදියුදින් ඇමතිවරයා ,රවි කරුණානායක ඇමතිවරයාට චෝදනාවක් එල්ල කළාට තවම තීන්දුවක් දිලා නෑ.එතුමා නව සංස්කෘතියක් බිහි කරමින් එතුමගේම කැමැත්තෙන් පක්ෂය ගැන හිතලා ඉල්ලා අස්වුනා.එතුමට ඒ චෝදනාව එල්ල කළේ විපක්ෂය විසින්.ඒ වගේම විජේදාස රාජපක්ෂ මහතාට මෙවන් චෝදනාවක් විශ්වාස භංග යෝජනාවක් තියෙනවද කියලා මම දන්නේ නෑ.පත්තරවලින් තමයි මමත් දැනගත්තේ ඒ ගැන.

ආණ්ඩුව දිර්ඝ ගමනක් යන එක නවත්වන්න බෑ.1019 වන වගන්තිය යටතේ අවුරුදු හතරහමාරක් ආණ්ඩුව විසුරුවා හරින්න බෑ කියලා යහපාලන ආණ්ඩුව නීතියක් ගෙනාවා.අලුත් පාර්ලිමේන්තුවට අවුරුදු දෙකයි ගතවෙලා තියෙන්නේ.113ක් මන්ත්‍රිවරුන් හිටියොත් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්.කවදාවත් පක්ෂ දෙකක් එකතුවෙලා මේ වගේ ආණ්ඩුවක් හදලා නෑ.නායකයෝ දෙන්න එකට ඉන්නවා රටේ අනාගතය වෙනුවෙන් එකට එකතු වෙලා .ඒ ඉන්න නිසා කිසිම ප්‍ර‍ශ්නයක් නෑ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න.

අධීවේගි ජුකි මැෂින් 25න් සමන්විත මෙම කුඩා ඇගළුම් කර්මාන්ත ආයතනය සදහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් සපයා තිබෙන අතර මාස හයක කාලයක් සඳහා පාලිකාවට හා මුරකරු සඳහා ගෙවිම්ද ගොඩනැගිලි කුලියද එම අමාත්‍යාංශයෙන් ගෙවිමට නියමිතය.

මෙම අවස්ථාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.කේ පියදාස.අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් ටි.පි සුමනසේකර මහත්වරු හා ආශිර්වද හා සුභ පතන්නන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න