තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත සහ ලහිරු කැඳවයි | දිනමිණ

තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත සහ ලහිරු කැඳවයි

ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන් වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවා තිබේ.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

මෙවර සංචිතය සඳහා කැඳවා තිබෙන දකුණුතින් වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ මාස 08 කට පසුවයි.

මේ අතර ලහිරු ගමගේ ටේස්ට් සංචිතයට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එක්දින තරග 05 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගය සඳහා සහභාගී නොවේ.

ඉන්දු – ශ්‍රී ලංකා 03 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ඉන්දියාව මේ වනවිට තරග 02 ට 0 ක් ලෙස තරගාවලියේ ජයගෙන සිටියි.

ඉන්දියාවට එරෙහි 03වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය

01 – දිනේෂ් චන්දිමාල් (නායක)
02 – ඇන්ජලෝ මැතිව්ස්
03 – උපුල් තරංග
04 – දිමුත් කරුණාරත්න
05 – නිරෝෂන් දික්වැල්ල
06 – කුසල් මෙන්ඩිස්
07 – ධනංජය ද සිල්වා
08 – ලහිරු තිරිමාන්න
09 – ලහිරු කුමාර
10 – විශ්ව ප්‍රනාන්දු
11 – දුෂ්මන්ත චමීර
12 – ලහිරු ගමගේ
13 – දිල්රුවන් පෙරේරා
14 – මලින්ද පුෂ්පකුමාර
15 – ලක්ෂාන් සඳකැන්

 

නව අදහස දක්වන්න