'අධ්‍යක්ෂණයට වඩා මං ආසා සංගීතයට' - චමත්කා නෙත්මි පීරිස් | දිනමිණ

'අධ්‍යක්ෂණයට වඩා මං ආසා සංගීතයට' - චමත්කා නෙත්මි පීරිස්

තවමත් සොළොස් වියේ පසුවන ඕ සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළා පමණකි. හිරිමල් යෞවනයේ ප්‍රේමණීය ලොවක සැරිසරන්නට තවම සූදානම් නොවූවත් ඈ සතු මිහිරි කටහඬ සොඳුරු ආදරයක පැටලී අවසන්ය.

‘පායලා මධු සඳක් සඳ දියෙන් නෑවුණා

මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා

කොහේදෝ මේ තරම් ආදරේ අප පැතූ

සීතලේ හදවතින් ලැබගන්නම් සෙමින්’

64 මායම් චිත්‍රපටයේ එන පායලා මධු සඳක් ගීතයේ පූර්ණ සචින්ත සමග යුග ගායනයේ යෙදෙන ඇය නමින් චමත්කා නෙත්මි පීරිස්ය. රන්ජා, ජීවිතේ ලස්සනයි, බැඩ බැරි ටාසන්, මැතිසබයට, නිදි යහන කලඹයි වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් සිනමාලෝලින්ට තිළිණ කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස්ගෙග් වැඩිමහල් දියණිය ඇයයි. එනේම ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්ගේ ආදරණිය මිනිබිරිය ද ඇයය. කලා පවුලක ඉපිද සංගීතයෙන් සිය කලා ගමන සාර්ථක කරගන්නට මං තනන චමත්කා සමඟ යෙදුණු සොඳුරු පිළිසඳරකි මේ.

* චමත්කා කෙහොමද මේ දිනවල වැඩ කටයුතු?

O/L විභාගේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ අතරේ A/L විභාගයටත් රෙඩි වෙනවා. A/L කරන ගමන් Diploma in Business එකත් කරනවා.

O/L හිතුවට වඩා අමාරුද?

වාර විභාගවලට වඩා නම් ලේසියි.

* මොනවද A/L වලට කරන්නේ?

කොමස් විෂය තෝර ගත්තේ.

* චමත්කාගේ පාසල් තොරතුරු?

දෙහිවල ගේට්වේ කොලේජ් එක මගේ පාසැල. දැන් A/L ක්ලාස් අපිට පටන් ගත්තා විතරයි.

* මියුසික් පැත්තට යොමු වුණේ කොහොමද?

මම ගෙදරදි නිකන් සින්දු කියනවා. මට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ. මුලදි තාත්තාගේ ෆිල්ම්ස්වල සින්දුවල පොඩි පොඩි කොටස් මම කියලා තිබුණා. ඒත් ලොකුම අවස්ථාව ලැබුණේ තාත්තාගේ 64 මායම් චිත්‍රපටයේ. ඒකේ පායලා මධුසඳක් සිංදුව මමයි පූර්ණ සචින්තයි ගායනා කළේ. සිංදුව පටිගත කරලා ඉවර වුණාමයි මට දැනුණේ ඇත්තටම මට ඉඪදඨ කරන්න පුළුවන් කියලා.

* පායලා මධු සඳක් ගීතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඒක හොඳට හිට් වෙලා ගියා. මගේ යාළුවොයි දන්න කියන හැමෝමත් මම ලස්සනට ඉඪදඨ කරනවා කියලා කිව්වා.

* 64 මායම් චිත්‍රපටයේ ගීතයෙන් පස්සේ තාත්තාගේ ප්‍රතිචාරය කොහොමද ඔයාගේ සංගීත ජීවිතේට?

එයා එහෙම ලොකුවට මොකුත් කියන්නේ නෑ. මියුසික් පැත්ත ගැන ඉහළටම ඉගෙන ගන්නවට තමා ගොඩක් කැමති. ඒත් 64 මායම් චිත්‍රපටයෙන් පස්සේ තාත්තාගේ අලුත් ෆිල්ම්වලට මම සින්ග් කළා.

* මොනවදා ඒ ගීත?

නැති බරි ටාසන් චිත්‍රපටයේ රන් සීනු ගීතය. ඒක මමයි පූර්ණ සචින්ත අයියයි කිව්වේ ඩුවට් එකකට. ඒකේම දඟකාර ඇස් සිංදුව. මේ චිත්‍රපය ඉදිරියට එන්න තියෙනවා.

* චිත්‍රපට ගී ඇරෙන්න වෙන ගීත කරලා නැද්ද?

මියුසික් ඩිරෙක්ටර් කේෂාන් පෙරේරා අපේ නැන්දිගේ ලොකු පුතා. එයාගේ උදව්වෙන් මම ගිය අවුරුද්දේ චංචල දෑසේ, සෙනෙහේ අම්මා හා සප්තෙරේ කියන හින්දි සින්දුවට තවත් තුනක් කළා. කේෂාන් අයියා එක්ක ළඟදී කම(ර්)ස් මොකුත් කළේ නෑ.

* කේෂාන් එක්ක ඉදිරියේදී කවර්ස් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

අයියා මාර දක්ෂයි. වැඩේ තියෙන්නේ අයියව අල්ලගන්න අමාරුයි. මම අයියේ සිංදුවක් කරමුකෝ කියලා කතා කළොත් ඉතින් මළ වදේ කියලා තමයි බනින්නේ. අයියට වැඩ වැඩියි. ඉතින් මමයි නැන්දියි කියලා කියලා වාත වෙන්න ඕනේ මගේ වැඩක් කරගන්න. ඒත් අයියා එක්ක සිංදු කරන්න මං ආසයි. ඉදිරියේදීත් ඉඩ ලැබුණොත් අනිවාර්යෙන්ම කරනවා.

* ගෙදරන් සංගීතය පැත්තට වැඩියෙන්ම උදව් කරන්නේ කවුද?

ප්‍රියංකා නැන්දි තමා. අම්මයි තාත්තයි දෙන්නම ලොකුවට මොකුත් කියන්නේ නෑ. එයාලට ඕනේ අධ්‍යාපනය පැත්තෙන් මාව ඉස්සරහට යවන්න. ඒත් නැන්දි මාව සංගීත පැත්තට ගොඩක් උනන්දු කරනවා. එයා මාර ආසයි මම මියුසික්වලින් තරුවක් වෙනවා බලන්න. එයාගෙත් පොඩි කලේ තිබුණු හීනයක් ඒක. නැන්දිට කරගන්න බැරි වුණ දේ මගෙන් හරි ඉටුකර ගන්න නැන්දි ගොඩක් ආසයි.

* සංගීතය කවදා හරි විෂයක් විදියට හෝ ඉගෙන ගෙන තියෙනවාද?

නෑ. මම මියුසික් ක්ලාස්වත් ගිහින් නැහැ.

* චමත්කාගේ තාත්ත වගේම සීයාත් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්. සීයාගෙන් ඔයාගේ ජීවිතේට කොයි වගේ සහයෝගයක් ද ලැබෙන්නේ?

එයා දැන් ගොඩක් වයසයිනේ. අපි ිඑයාව බලන්න ගියාම මගෙන් විස්තර අහනවා. එයත් කියන්නේ හොඳට ඉගෙන ගන්න කියලා. මම සිංදු කියනවා කිව්වාම ගොඩක් සතුටු වුණා. සීයා ගොඩක්ම ආසයි මම එයා එක්ක ඇවිත් කතා කරකර ඉන්නවට.

* තාත්තා වගේ, සීයා වගේ චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වෙන්න ආසාවක් නැද්ද?

තාම එහෙම ආසාවක් නැහැ. මියුසික්වලට තමා ආස.

* මියුසික් ඉගෙන ගන්නේ නැද්ද?

මුලදී නම් O/L නිසා මට ක්ලාස් යන්න හම්බ වුණේ නැහැ. ඒත් දැන් මම එඩ්වඩ් ජයකොඩි සර් ළඟ සංගීත විශාරද ඉගෙන ගන්නවා. ගිාටර් ර්‍ථතචර කරන්නත් ඉගෙන ගන්නවා.

* මියුසික් ඇරෙන්න වෙන මොනවටවත් ආස නැද්ද?

පොඩි කාලේ ඩාන්සින්වලට ආසයි. දැන් නම් නෑ.

* ඉදිරියේදී ජොබ් එකක් කරනවාද නැත්නම් මියුසික් පැත්තෙන් ඉස්සරහට යනවාද?

ජොබ් එකක් අනිවාර්යයෙන්ම කරනවා. නැත්නම් ඉගෙන ගන්න එකේ තේරුමක් නෑ. මියුසික් මගේ හොබී එක. ඒක පාට් ටයිම් තියාගන්නවා. බිස්නස් පැත්තෙන් ජොබ් එකක් කරන්න ආසයි.

* වැඩියෙන්ම ආස ගායකයා කවුද?

මම ගොඩක් ආසයි සංඛ දිනෙත්ට. එයාගේ සින්දු මාර ලස්සනයි. එයා එක්ක සින්දුවක් කරන්නත් මං ආසයි. කවදාහරි අවස්ථාවක් ලැබුණොත් ඔහු එක්ක සින්දුවක් අනිවාර්යෙන් කරනවා.

* ඉදිරියේදී ලංකාවේ ඉන්නවාද නැත්නම් විදේශ අධ්‍යාපනයට යොමු වෙනවාද?

හිතාගෙන හිටියේ ඕස්ට්‍රේලියාවේ ගිහින් ඉගෙන ගන්න. ඒත් දැන් නම් රට යන්නේ නෑ. මෙහේ ඉඳන් ඉගෙන ගෙන ජොබ් එකයි මියුසික් සයිඩ් එකයි දෙකම කරගන්නවා. රට ගියොත් මට මියුසික් පැත්ත මඟ ඇරෙයි කියලයි අම්මි කියන්නෙත්.

* චමත්කාව අපිට මුණ ගැසෙන්න පුළුවන් කෙහොමද?

මම යූ ටියුබ් එකෙයි ඉස්්ටෝ ග්‍රෑම් එකෙයි ඉන්නවා. චමත්කා පීරිස් නමින් ස(ර්)ච් කළාම මාව මුණ ගැසෙන්න පුළුවන්.

 

 

නව අදහස දක්වන්න