ඉන්ස්ටග්‍රෑම් බළලා | දිනමිණ

ඉන්ස්ටග්‍රෑම් බළලා

සමහර විට ඔබ මේ කියන්න යන බළලාව මීට පෙර අන්තර්ජාලයේ දී දැකතිබෙන්නත් හැකිය. 'නලා' නමින් නම් තබා ඇති බළලා ගේ වයස අවුරුදු 06කි. නලාට ලෝකයේ සිටින ජනප්‍රියම බළලා බවට පත් වන්න ගත වී ඇත්තේ කෙටි කාලයකි. අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය මේ බිළාල පෝතකයා දැන් ලොවම දන්නා තරුවකි. ජනප්‍රියත්වය කොතෙක් ද කිවහොත් ඉන්ස්ටග්‍රෑම් හි නලා ට සිටින රසිකයින් මිලියන ගණනකි. එය මිලියන එකක්, දෙකක් නොවී මිලියන 3.4ක් වීම අතිශය පුදුම උපදවන සුළුය.

'නලා'ගෙ අයිතිකරු අයිතිකරු වන්නේ වරිසිරි මතචිට්පාම් ය. වයස මාස 05දී වෙනත් අයකුගෙන් 'නලා'ව හදා ගැනීමට ගෙන තිබේ. එකල සිටම බළල් පින්තූර අන්තර්ජාලය හරහා බෙදා හදා ගැනීමට නලාගේ මනුස්ස අයිතිකරු ක්‍රියා කර ඇත. එහි කූටප්‍රාප්තිය සිදුව ඇත්තේ 'නලා කැට්' නමින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ආරම්භ කිරීමත් සමඟිනි. අවසානයේ කිසිවකු නොසිතූ ලෙස 'නලා බළලා' ඉන්ස්ටග්‍රෑම් තරුවක් බවට පරිවර්තනය වී ඇත. සමහර පින්තූරවලට දහස් ගණනින් කැමැත්ත ප්‍රකාශ කර 'හදවත්' සලකුණු දමා ඇත්තේ පුදුම උපදවන ආකාරයටය.මේ වන විට පින්තූර 5402ක් 'නලා කැට්' කියන ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අන්තර්ගතය. එමෙන්ම nalacat.com නමින් වෙබ් අඩවියක් ද 'නලා'ට තනා දී ඇත්තේ ජනප්‍රියත්වට තවත් වර්ධනය කරවීමේ අරමුණින් විය යුතුය. මේ වෙබ් අඩවියේ ටී ෂර්ට්, බෑග්,කෝප්ප ආදී නලා බ්‍රෑන්ඩ් බඩු භාණ්ඩ විකිණීමට ද ඇත. 'නලා' සහභාගි වන නොයෙක් උත්සව ආදියද වෙබ් අඩවියේ එක් පැත්තක දක්වා ඇත. එමෙන්ම 'නලා' වෙනුවෙන් රසිකයන් ඇඳි චිත්‍ර ආදියද තවත් ලේබලයක් යටතේ දක්වා තිබේ.

සාමාන්‍යයෙන් 'නලා' ගේ රූපය සහිත ටී ෂර්ට් එකක මිල අමෙර්කානු ඩොලර් 27කි. කාඩ්බෝඩ් ගෙයක මිල ඩොලර් 15කි. කැලැන්ඩරයක් ඩොලර් 06කි. බ්ලැන්කට්ටුවක් ඩොලර් 44කි. බළල් කර පටියක් ඩොලර් 07කි. බෑගයක් ඩොලර් 24කි. කෝප්පයක් ඩොලර් 13කි. බළල්ලුන්ට ගිය කලක යැයි කියා දැන් යමකුට සිතෙන්නේ නම් එහි ද වරදක් නැත.

 

නව අදහස දක්වන්න