පුද්ගල ඝාතන දෙකකට වරදකරු වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩණය නියම කර ඇති බව වාර්තාවේ.
කොළඹ මහාධිකරණය විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
පවුල් ආරවුලක් මත 1993 වසරේ, අප්‍රේල් මස ගංගොඩවිල ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්වේ.
අදාළ සිද්ධියේදී සහෝදරයින් දෙදෙනාට අමතරව ඝාතනයට ලක්වී ඇති අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ඥාති සහෝදරයෙකු වන අතර එම ඥාති සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරු නඩු විභාගය අතරතුර මියගොස් ඇත.
එකම පවුලේ සොහොයුරන් දෙදෙනා ඝාතනය සම්බන්දයෙන් කාන්තාව සහ සෙසු පුද්ගලයින් දෙදෙනාට මරණ දඩුවම නියම වී ඇත.
අදහස් 1ක් ඇත
warada karuwan wu ayata marana daduwam!
නව අදහස දක්වන්න