ජනාධිපති කුසලාන පාසල් රගර් | දිනමිණ

ජනාධිපති කුසලාන පාසල් රගර්

ෆවුස් මොහොමඩ්

සාන්ත ජෝශප් විදුහල් පිල පළමු වරට අවසන් තරගයට

ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 34-12ක විශිස්ට ජයක් වාර්තා කළ සාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම පළමුවරට පිළිමලුන් පිටුදැකීමේ ජනාධිපති කුසලාන පාසල් රගර් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.

සුගතදාස ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 16-5කින් පෙරමුණ ගත් සාන්ත ජෝශප් විදුහල් පිල තරගය නිමා කළේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 5ක් සමගිනි. ධර්මරාජ විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි.

තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ සාන්ත ජෝශප් විදුහල් පිලේ සචිත් සිල්වා සිය කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දුන් අතර උත්සාහක දිනුමක් සමග දඬුවම් පහර 5ක් වාර්තා කිරීමට සමත්විය. ඉන් නොනැවතී තවත් උත්සාහක දිනුම් 2ක්ම ගෝල බවට පත් කිරීමට ද ඔහු සමත්විය. 

නව අදහස දක්වන්න