අම්බලන්ගොඩ මාරක දුම්රිය මාර්ග කපොල්ල | දිනමිණ

අම්බලන්ගොඩ මාරක දුම්රිය මාර්ග කපොල්ල

අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති ප්‍රධාන බාලිකා පාසලක් වු ප්‍රජාපතී බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් අම්බලන්ගොඩ බස්රිය පොළට එමින් පවතින්නේ දුම්රිය හරස් පාර මැදිනි.
 
දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගය ඉතාමත් අනතුරුදායක වුවත් දුම්රිය බලධාරීන් එම ස්ථානය් ක්‍රමවත් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැත.
 
දහස් ගණනක් ශිෂ්‍යාවන් සහ වෙනත් නගරවාසීන් නගරයට පැමිණීමට කෙටි මාර්ගයක් ලෙස දුම්රිය මාර්ගය භාවිතා කරති.
 
මෙම දුම්රිය ස්ථානයේ අනෙක් දිශාවේ දුම්රිය මාර්ගයට උඩින් පාලමක් ඉදිකර ඇතත්, එය කැඩී බිදී ඇති නිසා කිසිවෙකුත් එම පාලම භාවිතා නොකරයි.
 
මේවන විටත් ජීවිත කිහිපයක් දුම්රියේ ගැටීමෙන් නැති වී ඇති අතර කුඩා පාසල් සිසුන් එම දුම්රිය මාර්ගය හරහා එනවිට දුම්රියක් එනවාද නැද්ද යන්න ගැන කල්පනාවකින් තොරව දුම්රිය මාර්ගය හරහා එනහැටි දැකගත හැක.
 
දුම්රියේ බලධාරීන් ඒ සම්බන්ධව මෙතෙක් කිසිම පියවරක් ගෙන නැත.
 
ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ හොත් ජීවිත ගණනාවක් එකවර අහිමි වීමට සිදුවන බැව් නගරවැසියන් පවසති. 
 
(අම්බලන්ගොඩ විශේෂ වාර්තාකරු ඩබ්ලිව්.ටී.ජේ.එස්.කවිරත්න)

නව අදහස දක්වන්න