ඇමැති නවීන් ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවක | දිනමිණ

ඇමැති නවීන් ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවක

නවින් දිසානායක අමාත්‍යවරයා අමාත්‍යධුරයට පත් වූ පසු ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉදිරියේ දී පොල් පිටරටින් ගෙන්වීමට අවධානය යොමුව ඇති බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය .

වෙන්නප්පුව ලුණුවිල පිහිටි පොල් පර්යේෂණ ආයතනය නිරීක්ෂණ කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව පැවසීය .

පෙර දැනුම් දීමකින් තොරව, නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පුදුමයට පත කරමින්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ලුණුවිල පිහිටි පොල් පර්යේෂණ ආයතනයට පසුගිය දා පැමිණීය. මෙහිදී නිලධාරීන් හා වෘත්තීය සමිති නායකයන් හමු වූ අමත්‍යවරයා ඔවුන්ගේ ගැටලුවලට ක්ෂණික විසදුම් කීපයක්ද ලබා දීමට කටයුතු කැරිණි. අමත්‍යවරයා මෙහිදී කියා සිටියේ තමන් වෙත නිර්නාමික පෙත්සම් එවීමෙන් ඵලක් නොවන බවයි .

මෙහදී මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ ජනතාවට එලොව පොල් පෙනෙන තරමට පොල් මිල ඉහළ නැඟ ඇති වකවානුවක ඊට ගන්නා පිළියම් පිළිබඳවය . එම තත්ත්වය පිළිගත් අමත්‍යවරයා කියා සිටියේ තමන් දෙපැත්තකින් මිරිකී ඇති බවයි. රටින් පොල් ගෙන්වීම මෙයට හොඳම විසඳුම උවත් ඊට පොල් වගාකරුවන් විරුද්ධවීමෙන් පාරිභෝගිකයා පිඩාවට පත් වී ඇති බවද මෙහිදී අමත්‍යවරයා පැවසීය .

කෙසේ වෙතත් පොල් මිල ඉහළ යාමට නියඟය හේතු වූ බව පෙන්වා දුන් නවින් දිසානායක අමාත්‍යවරයා ඉදිරියේ දී පොල් මිල පහළ යාමක් සිදු නොවුන හොත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවද පැවසීය .

ප්‍රසාද් පුර්ණමාල්
පුත්තලම දිස්ත්‍රික් සමුහ

නව අදහස දක්වන්න