TNA නායකත්වයෙන් සම්බන්ධන් ඉවත් විය යුතුයි | දිනමිණ

TNA නායකත්වයෙන් සම්බන්ධන් ඉවත් විය යුතුයි

දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් ලබාදීමට මේ වන තෙක් කටයුතු නොකිරීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන නායකත්වයෙන් ආර්. සම්බන්ධන් ඉවත් විය යුතු බව ඊ.පි.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා තිබේ.‍

සම්බන්ධන් විසින් දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදී වත්මන් ආණ්ඩුවට පක්ෂග්‍රාහිව කටයුතු කරන බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  පෙන්වා දෙයි.

ඊ.පි.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙම අදහස් පල කලේ යාපනය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 ඊ.පි.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන සංවිධාන එකතුවෙන් දෙමළ ජාතික සන්ධානය නිර්මාණය වී ඇති අතර එහි නායකයා ලෙස දැනට දීර්ඝ කාලයක සිට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කටයුතු කරයි.

පසුගිය කාලය තුළ ද ටී.එන්.ඒ නායකත්වය සම්බන්ධයෙන් විවිධ මත පළ වූ අතර පසුව ඒවා සමථයකට පත් කර ගැනීමට පක්ෂ නායකයින් මෙන්ම සාමාජිකයින් ද පියවර ගනු ලැබිණි.

කෙසේ වෙතත් ආර්. සම්බන්ධන් පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය හෝ ප්ලොට් සංවිධානය මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

නව අදහස දක්වන්න