යාපනය සිද්ධියේ 05 තවදුරටත් රිමාන්ඩ් | දිනමිණ

යාපනය සිද්ධියේ 05 තවදුරටත් රිමාන්ඩ්

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැක කටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 05 දෙනා ලබන ජනවාරි 27 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ඒ යාපනය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 21 වැනිදා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩායම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර අතර අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය වෙඩි තබා ඇත.

අදාළ සිද්ධිය පිලිබද පොලිස් නිලධාරින් වාර්තා කර නොතිබීම සම්බන්ධයෙන් අදාළ නිලධාරින් 05 දෙනාට චෝදනා එල්ල විය.

නව අදහස දක්වන්න